Pages

Subscribe:

Ads 468x60px

චම්පික රණවක සුමිත්‍රා පීරිස් මුණගැසී සමාව ඉල්ලයි


පසුගියදා කේ.පී. සමග මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිටින ඡායාරූපයක් යයි මාධ්‍ය ඉදිරියේ ආචාර්ය ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස් සිටින වෙනස්කළ ඡායාරූපයක් ප්‍රසිද්ධ කරමින් දේශපාලන කථාවක් පැවැත්වූ නිසා හිටපු ඇමති චම්පික රණවක මහතා දෝෂදර්ශනයට ලක්විය.

මෙම සිද්ධියෙන් පසු ආචාර්ය ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ බිරිය සුමිත්‍රා කලා ශිල්පීන් සමග වෙනම මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇගේ විරෝධය දක්වා තිබුණා. තමා අතින් අත්වැරදීමකින් සිදුවූ වරදට සමාව ඉල්ලා අද උදෑසන චම්පික රණවක මහතා සුමිත්‍රා පීරිස් මහත්මිය හමුවුණා.


මේ සිදුවීම සම්බන්ධයෙන් චම්පික රණවක පැහැදිලි කිරීමක් කරමින් කියා තිබුනේ එම ඡායාරූප වලින් එකක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් තමා උපුටා ගත් බවත් අනෙක තවත් වෙබ් අඩවියකින්

ලබාගත් බවත් ඒවා හිතාමතා නිර්මාණය කළේ නැති බවත්ය. 

ඒ ගැන හිටපු ඇමතිවරයා සිද්ධිය අවස්ථාවේ පැහැදිලි කර තිබුනේ මෙසේය.

මාධ්‍ය සාකච්ඡාවකදී මා විසින් පෙන්වන ලද, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කේ.පී. එකට සිටින ඡායාරූප අප උපුටා ගනු ලැබුවේ අන්තර්ජාලයෙනි. අදාල ඡායාරූපවල නිරවද්‍යභාවය සම්බන්ධයෙන් අපට වගකීමක් ගත නොහැකි නමුත් අපට සන්නිවේදනය කළ යුතුව තිබූ පණිවිඩය ගැන වගකිව හැකි බවත් දන්වා සිටිමු. 


එම පණිවිඩය වනුයේ,

එකී ඡායාරූපවලට පසුබිම වූ 2013 සැප්තැම්බර් 13 හෝ ආසන්න දිනයකදී ජනාධිපතිවරයා කිලිනොච්චියේ කළ සංචාරයකදී කුමාරන් පද්මනාදන් හමුවූ බවට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයකි.


ජනාධිපතිතුමා සහ කේ.පී. අතර යම් සම්බන්ධයක් තිබූ බව එමගින් සනාථ වේ. ශී්‍ර ලංකාව තුළ කොටි ත්‍රස්තවාදය කි්‍රයාත්මකව තිබූ අවධියේදී (1983-2009) සිදුකළ පිපිරීම් හා ඝාතන සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ සැපයූ ප්‍රධානියා වූ කේ.පී., ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා බවටද (2009 ජූලි 21) පත්විය. 


ශී්‍ර දළදා මාළිගාවට එල්ලවූ ප්‍රහාරය හා බස් මගීන්, දුම්රිය මගීන් ඉලක්ක කර එල්ලවූ ප්‍රහාරයන්ද, රණවිරුවන්ට සිදුකළ අපරාධයන්ටද වගකිව යුතු, රජීව් ගාන්ධි ඝාතනය ගැන ජාත්‍යන්තර පොලීසියෙන් වරෙන්තු කරුවෙකු වූ අපරාධ කරුවෙකුට නිදැල්ලේ හැසිරීමට ඉඩදීම බරපතල මානුෂීය අපරාධයක් ලෙස සලකමු. කේ.පී. වහාම අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බව අපගේ ස්ථාවරයයි.

0 comments:

Post a Comment