Pages

Subscribe:

Ads 468x60px

ඌවේ මහඇමති හරීන් (UPDATE)


ඌව පළාත් සභාවේ මහඇමති ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා මීට නොබෝ වේලාවකට පෙර දිවුරුම් දුන්නා. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේයි.

ඌව පළාත් සභාවේ මුළු මන්ත‍්‍රී ආසන ගණන 34ක්. ඡන්ද විමසීමේදී ඒවා බෙදී ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 19ක්, එක්සත් ජාතික

පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ආසන 2ක් වශයෙන්.

කෙසේවෙතත් අනුර විදානගමගේ, මන්ත‍්‍රී හරීන්ද්‍ර ධර්මදාස, සෙනරත් අත්තනායක සහ වඩිවේල් සුරේෂ් යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දිවුරුම් ප‍්‍රකාශ මගින් සිය සහාය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබාදුන්නා. 


ඌවේ මහඇමතිකම මාරුවන ලකුණු

ඌව පළාත් සභාවේ මහඇමති ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා පත්කරන්නැයි ඊයේ ඉදිරිපත් කෙරුණු දිවුරුම් ප‍්‍රකාශ එම පළාත් සභාවේ අමාත්‍ය වරයෙකු වන අනුර විදානගමගේ සහ මන්ත‍්‍රී හරීන්ද්‍ර ධර්මදාස යන මහත්වරුන් අද තහවුරු කළා.

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සෙනරත් අත්තනායක සහ වඩිවේල් සුරේෂ් යන මන්ත‍්‍රීවරුන් ද මේ වන විට අදාල දිවුරුම් ප‍්‍රකාශ තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට හිමිවී තිබු බහුතර බලය මේ වන විට ගිලිහි ගොස් ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට මන්ත‍්‍රී ආසන 19ක් ද එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රී ආසන 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ආසන 02ක් හිමිව තිබුණා. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට දැන් හිමිව තිබෙන මන්ත‍්‍රී ආසන ගණන 15ක්.

හරීන් ප‍්‍රනාන්දු මහතාට සහය දීමට මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. මේ වන විට ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සිිටින අය පවසන්නේ බොහෝවිට අද දිනය ඇතුලත හරීන් ප‍්‍රනාන්දු මහතා මහඇමතිවරයා ලෙස දිවුරුම්දීමට ද ඉඩ තිබෙන බවයි.

0 comments:

Post a Comment