Pages

Subscribe:

Ads 468x60px

සබරගමු සරසවි සිසුවිය දිවි නසා ගන්නට හේතුව නවකවදය නොවේ කියන කතාව ඇත්තද


පසුගියදා පන්නිපිටියේ නිවසකදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයීය අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය එසේ සිය දිවි නසාගත්තේ නවක වදය ඉවසන්නට බැරිව බවට මින් පෙර පළවූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවට දැන් කරුණු අනාවරණයවී තිඛෙනවා.

එයට හේතුවී ඇත්තේ ඇය පීඩා විඳි මානසික රෝගයකි. ඇගේ දිවිනසාගැනීම සමග ඇය කලක සිට මානසික ආතතියකින් පීඩා විඳි බවට තොරතුරු වාර්තාවූ අතර ඒ මානසික ආතතිය වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ උපදේශන සේවාවන්ටද ඇය යොමු කර තිබී ඇත. 


රෝගී තත්වය හේතුවෙන් ඇයට පාඩම් අතපසුව ඇති නිසා ඈ වෙනුවෙන් නැවත වරක් පළමුවසරේ ඉගෙන ගන්නටද සරසවි බලධාරීන් අවසරදී
තිබී ඇය නිවසේ නිවාඩු සහිතව සිටියදී මෙම දිවිනසාගැනීම සිදුව ඇත. ඇයව නවක වද සිද්ධියකට ගොදුරුවූ බවට සාධක නැතැයි විශ්ව විද්‍යාල බලධාරීන් දැන් තහවුරු කර ඇත.

ඇය මානසික ආතතියෙන් පෙළෙද්දී රැග් එකක් ගැන කියා සිටි නිසා විශ්ව විද්‍යාලයෙන් පරීක්ෂණයක්ද අරඹා ඇති නමුත් එය ඇගේ දෙමාපියන්ගේම කැමැත්ත මත අතහැර දමා ඇත. මියගිය දිනයේ උදේ වරුවේද ඇය රෝහලට ගොස් මානසික රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලබාගන්නට සූදානම්ව සිට ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක මහතා ඇගේ මරණය ගැන අදහස් පළ කර තිඛෙන්නේ මෙසේය.

මේ ළමයා විශ්වවිද්‍යාලයට ඇවිත් ගොඩක් කල්. ගිය අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතර ආවේ. නේවාසිකාගාරයේ අමුතු ලෙස හැසිරෙන්න පටන් ගෙන තිඛෙනවා. මේ පිළිබඳව වාර්තා වුණාට පස්සේ අම්මා සමග ගෙදර යැව්වා. ඛෙහෙත් කරලා  හොඳවෙලා ගෙදර ආවා.  


ඔය ආකාරයෙන් කීප වාරයක් හතර පස් සැරයක් ආවා ගියා. ඒ අතර වාරයේ ඇයට අතපසු වූ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනමම ඉගෙන ගන්නට අවස්ථාව සැලසුවා. මේ දිනවල අධ්‍යයන නිවාඩු දීලයි තියෙන්නේ. 

මේ සිසුවිය වසරක් කල් ඉල්ලූවා නැවත අලූත් කණ්ඩායමක් එක්ක එන්න. ඒ අනුව අපි එම අවස්ථාව සලසා දුන්නා. නිවසට ගිහින් කීප අවස්ථාවකදී කතා කළා නැවත එන්න පුළුවන්ද කියලා.

ඒ සිසුවිය ආපු මුල් දින එක එක ප්‍රශ්න හදා ගත්තා. සමහර අවස්ථාවලදී කියන දේ එකිනෙකට පරස්පරයි ගැළපෙන්නේ නෑ. අමුතුයි. ඒ කාලයේ නවක වද සිද්ධියක් මත එහි බලපෑමක් තිබුණාද කියා පරීක්ෂණයක් අප සිදුකළා. මෙම පරීක්ෂණ කරන අතරතුර ඇය සහ ඇගේ මව තවදුරටත්  පරීක්ෂණයක් අවශ්‍ය නැහැ යන ඉල්ලීමක් නිසා පරීක්ෂණය නැවැත්තුවා. මෙතනින් එහාට පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන්නැයි ඉල්ලා සිටියා.

ඊට පස්සේ මේ වනතුරු කිසිම පැමි‚ල්ලක් තිබුණෙ නැහැ. නවකවදයක් හෝ එවැනි සිද්ධියක් සම්බන්ධව නැවතත් ඇයට බැරිවුණ ප්‍රායෝගික කොටස් අධ්‍යයනයට අවස්ථා සලසා සහය දුන්නා. ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියා අවුරුද්දක් නිවාඩු අයැදුම් කළා. මේ සිද්ධිය වන විය ඇය එම නිවාඩු ගෙන නිවසෙයි හිටියේ.



මේ සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපති චන්දන පී උඩවත්ත ප්‍රකාශ කළේ ඇය ආතතියකින් පෙළෙන බවට වාර්තාවී තිබුණා. මානසික සෞඛ්‍ය ඒකකයක් තියනව විශ්ව විද්‍යාලයේ ඇය එයින් ප්‍රතිකාර අරන් තිබුණා. සබරගමුවේ නවක වද සිද්ධියක් නිසා ඇය දිවි නසාගත්තය කියන වැරදි ප්‍රකාශය ගැන මම ඛෙහෙවින් කණගාටුවෙනවා.

පවුලේ එකම දරුවාවූ මියගිය අමාලි චතුරිකාට පෙම්වතෙකු සිට ඇත. නමුත් ඔහු සමග සම්බන්ධයට කිසිවෙකුගේ විරෝධයක් තිබී නැත. පියා මවගෙන් දික්කසාදවූ පසු ඇය වයස 6 සිට මව සමග වෙනම ජීවත්වී ඇත. රැග් නිසා ප්‍රශ්න ඇතිවූ බව කියමින් විශ්ව විද්‍යාලය කළකිරී ඇය පසුගිය වසරේ පැමිණි අවස්ථාවේ මෙට්ටයට භූමිතෙල් වත්කරගෙන දිවිනසාගන්නට දැරූ උත්සාහයක් ව්‍යවර්ථවී ඇත.


ඇයගේ මව ඒ ගැන අදහස් දක්වා කියා තිබුනේ, එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දේ විශ්ව විද්‍යාලෙ යාම අත්අරින්න උත්සාහ කළා. පසුව මානසික පීඩාවට ඛෙහෙත් ගත්තා.එයාට දිගටම ප්‍රතිකාර ගත්තා. මරණය සිද්ධවුණ දා උදේත් ක්ලිනික් යන්න හිටියෙ. සිකුරාදට කවුන්සලින් යන්න හිටියෙ. එයාට තව පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරන්න ඕන කියලා තිබුණා.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක වන අමාලි චතුරිකා සිය අවසන් කැමැත්ත ලෙස ලිපියක් ලියා තබා අවාසනාවන්ත ලෙස දිවි හානි කරගෙන තිබුණා. එහි සටහන්වූයේ මෙයයි.

මගේ මිනිය පුච්චන්න. පුළුවන්නම් බොරැල්ල කනත්තෙදි. ඒ තමයි අදටත් මම දේවි මාතාවට ආදරේ නිසා ඒ ආසන්නෙයේ වළලන්න ඇති කැමැත්ත. මගේ මේ පොත් සේරම මගේ මිනියත් එක්ක පුච්චන්න. 


මගේ ලැප් එකයි ටැබ් එකයි ෆෝන් එකයි තරින්දට දෙන්න.මගේ පොත් වල තියන සල්ලි වලින් මගේ අවසන් කටයුතු චාමෙට කරන්න. 

කිසිම සබරගමුව කැම්පස් එකේ ළමයෙක්ට මගේ අවමංගල්‍යයෙට සහභාගී නොවන ලෙස තරයේ ඉල්ලා සිටිනවා. මට කිසියම් උරුමයත් තියනව නම් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න.

ඇගේ ලිපිය පහතින්





0 comments:

Post a Comment