Pages

Subscribe:

Ads 468x60px

නුගේගොඩ රැළියේ ලක්ෂ 05ක් හිටියද - චන්ද්‍රිකා සිතියම් ඇසුරින් ගණනය කිරීම බලන්න


ඊයේ දින මහින්ද සමග රට දිනවමු රැලියට පැමිණි ජන ගංගාවේ සංඛ්‍යාත් මක අගය පිලිබඳ මේ වනවිට උණුසුම් වාද විවාද ඇතිවෙමින් පවතී. 

නුගේගොඩ පවති රැලියට සහභාගීවන ජන සංඛ්‍යාව පිලිබඳ ජනතාව මෙතරම් උනන්දු වුයේ එම රැලියට 5000 කට වඩා පිරිසක් ගෙන්වා ගැනීමට විමල් වීරවංශට හැකිවුවහොත් තමා ඉල්ලා අස්වන බවට මධ්‍යම පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි විසින් කරන ලද අභියෝගයයි. 

ඒ අභියෝගය කෙසේ වෙතත් නුගේගොඩ පොදු වෙළඳපොළ භූමිය සහ දුම්රිය පොළ අසළ සිට නුගේගොඩ හංදිය දක්වා මහා මාර්ගයත් අතුරු සිදුරු නැතිව මහා ජන ගංගාවකින් වැසී ගොස් තිබෙන අයුරු එහි ගිය අපටද දක්නට ලැබුණි.

එම රැලියට සහභාගී වූ ජනතාව ඇමතු විමල් වීරවංශ කියා සිටියේ  පැමිණි ජන සංඛ්‍යාව ලක්ෂ පහකට අධික බවය."පන්දාහට ලක්ෂ පහක් ඔන්න නුගේගොඩ වටකලා. සිරිසේන ජනපතිතුමා අසරණ වෙච්ච ජනපති

කෙනෙක් පමණයි. අද ආණ්ඩුව කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයි.

රනිල් වික‍්‍රමසිංහ මහත්මයා වාඩිවෙන්නේ ජනපති වාඩිවිය යුතු අටවැනි පුටුවේ. මේක පුටු පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒකෙන් පේනවා ජනපතිතුමාට තිබෙන තත්ත්වේ."

ඊයේ රැලියට පැහැදිලි ජන සහභාගිත්වයක් තිබුනත් ඇත්තෙන්ම ලක්ෂ පහක් නුගේගොඩට පැමිණියාද? නොඑසේනම් පැමිණ සිටි පිරිසෙහි නියම ප්‍රමාණය කොතරම්ද? පහතින් අප දක්වන්නේ එම රැලියට පැමිණි ආසන්නතම සංඛ්‍යාව පිලිබඳ සාක්ෂි සහිත පැහැදිලි කිරීමකි.

පසුගිය ජනවාරි 14 වනදා ගාලු මුව‍ෙදාර පිටියේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පැවැත්වූ දේව මෙහෙයට ලක්‍ෂ පහකට අධික කිතුනු බැතිමත්හු පිරිසක් සහභාගි වූහ. එය එදා මෙදාතුර ගාලු මුව‍ෙදාර පිටියට එක් රොක්වූ විශාලම පිරිසවේ. 


මෙම දේව මෙහය පැවැත්වීමට ප්‍රථම වර්ග මීටර 82789 ක් වූ ගාලු මුවදොර භූමියේ කොපමණ පිරිසකට තෙරපීමකින් තොරව රැඳී සිටීමට හැකිදැයි යන්න අන්තර්ජාතික ප්‍රමිතීන් වලට අනුව මැන තිබුණි. ඒ අනුව වර්ග මීටර 252 ක භූමි ප්‍රමාණය තුල සිටිය හැක්කේ මිනිසුන් 1260 දෙනෙකුටය. එය පහත සැලැස්මෙන් පැහැදිලිකරගත හැක. 

ඒ අනුව වර්ගමීටර 82789 වූ ගාලු මුවදොර භූමි ප්‍රමාණය තුල මිනිසුන් සිටියහැක්කේ ලක්ෂ හතරකට ආසන්න පිරිසක් බව ගණන් බලා තිබුණි. එහෙත් එදින ගාලු මුවදොර පිටියට ලක්ෂ පහකට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා විය. එම පිරිස යම් තෙරපීමකට ලක්වෙමින් දේව මෙහෙයට සහභාගීවනුද දක්නට ලැබිණි. 

ඊයේ දිනයේ "මහින්ද සමග රට දිනවමු" රැලිය පැවැත්වූ නුගේගොඩ පොදු වෙළඳපොළ භූමියේ (නුගේගොඩ පොදු වෙළඳපොල භූමිය සහ නුගේගොඩ දුම්රිය පොළ සීමාවේ සිට නුගේගොඩ හන්දිය දක්වා ඇති මහා මාර්ගය රැළියට පැමිණි පිරිසෙන් අති මහත් බහුතරයක් රැඳී සිටි භූමි භාගය වේ.) එම භුමියේ වපසරිය ගූගල් චන්ද්‍රිකා සිතියමට අනුව වර්ග මීටර් 6385 ක් පමණ වේ. පාප් වහන්සේගේ දේව මෙහෙය සඳහා ගණනය කළ පරිදි වර්ග මීටර 252 ක් තුල සිටිය හැක්කේ මිනිසුන් 1260 ක් නම් එය නුගේගොඩ පොදු වෙළඳපොල භූමියට ආදේශ කළහොත් (6385/252*1260=31952) නුගේගොඩ අදාල වපසරිය තුළ සිටිය හැකි පුද්ගලයින් ප්‍රමාණය 31925 කි

එහෙත් එය දේව මෙහෙයක් සඳහා තෙරපීමකින් තොරව සිටගෙන සිටීමට ගැලපෙන ලෙස සකස්කරන ලද්දක් බැවින් නුගේගොඩ රැළිය සඳහා අදාල බිම්කඩ තුළ ගාලු මුවදොරට වඩා දෙගුණයක් තෙරපෙමින් සිටිතැයි උපකල්පනය කළද එහි සිටිය හැක්කේ පුද්ගලයින් 63904 කටය. එම ප්‍රමාණය තෙගුණයක් වේ නම් සිටිය හැක්කේ පුද්ගලයින් 95856ටය. එහෙයින් මෙම බිම්කඩ තුළ ලක්ෂ 05 රැඳී සිටියේනම් එය මහා ආශ්චර්යයකින් මිස ස්වභාවික මූලධර්මයන්ට අනුකූලවනම් විය නොහැක. එසේ නොමැතිනම් එකෙකු පිට පස් හය දෙනෙකු නැංවිය යුතුමය

0 comments:

Post a Comment