Pages

Subscribe:

Ads 468x60px

වාහන වංචාවක හසුවී ටෙලි නිළි මනීෂා උසාවියේ

ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් අලූත් වැඩියාව සඳහා යයි රැගෙන ගොස් එයට ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් අයෙකුට විකිණීම සම්බන්ධයෙන් ටෙලි නිළි මනීෂා ශ්‍යාමලී පොලිස් අත්අඩංගුවට පත්ව ඊයේ උසාවියේදී ඇප මත මුදාහැරියා.


ලක්ෂ ගණනාවක වටිනාකමින් යුත් බව කියන මෙම මෝටර් රථය හිමි ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් පැවති කාලයේ
ඇය මෙම වාහනය රැගෙන ගොස් ඇති අතර එම තැනැත්තා මින් ටික කලකට පෙර මියගොස් ඇත. ඉන් පසු ටෙලි නිළිය එම වාහනය නැවත අදාළ පුද්ගලයාගේ ඥාතීන්ට ලබාදී නැති අතර ව්‍යාජ ලියකියවිලි එයට

සකස් කර මහරගම පිළියන්දල පාරේ ගුරුවරයෙකුට එය විකුණා දමා ඇත.


රැගෙන ගිය වාහනය විශ්වාසය කඩකරමින් නැවත භාර නොදීම සම්බන්ධයෙන් මියගිය ව්‍යාපාරිකයාගේ සොහොයුරා ඇයට එරෙහිව නඩු මගට එළැඹ ඇත්තේ ඉන් පසුවයි. ඔහු ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ල මත නුගේගොඩ පාගොඩ පාරේ පදිංචි ටෙලි නිළි මනීෂා ශ්‍යාමලී පොල්වත්තගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.


ගල්කිස්ස අධිකරණයට ඇය ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඊයේ මුදාහැර තිඛෙනවා. මෙම ටෙලි නිළිය මින් ඉහත ක්‍රෙඩිට් කාඩ්පතක් වැරදි භාවිතය සම්බන්ධ නඩුවක චෝදනාවකට ද ලක්ව ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

0 comments:

Post a Comment