Pages

Subscribe:

Ads 468x60px

ප්‍රතිඵල දා උදෑසන හමුදාව කැඳවූ නිසා මහින්ද රාජපක්ෂට උසාවි එන්නැයි නොතීසි


පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල දා උදෑසන මැතිවරණ කොමසාරිස් වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයා අණදී හමුදාව කැඳවා ඇති බවත් එය මහජනයාගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා මාර්තු 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහ සෙසු වගඋත්තරකරුවනට අද නොතීසි නිකුත් කළා.

සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා එදින නීතිපති වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය. එම ගොනු කළ පෙත්සමේ මෙසේ  සඳහන් විය.

z2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කළා. එහසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි

වගන්තිය උපයෝගී කොට ගෙන

සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකට රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී. 


ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ඔහු විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලූම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.‘

0 comments:

Post a Comment