Pages

Subscribe:

Ads 468x60px

වැරදි තීරණයෙන් ධර්මසේනට ලෝක කුසලානය අහිමි වෙයිද ?


2015 ලෝක කුසලාන තරඟාවලියේ දෙවන තරඟය වුයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟයයි. මෙම තරඟයේදී ක්‍රිකට් විනිසුරුවරයෙක් අතින් විය හැකි විශාලතම වැරදීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන අතින් සිදු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තරඟයේ අවසන් පන්දුවට මුහුණදුන් එංගලන්ත කණ්ඩායමේ ජෙම්ස් ටේලර් ලකුණු 98 ලබා සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවුණා යැයි විනිසුරුවරයා තීරණය කළේය.

එම අවස්ථාවේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ අලීම් ඩාර් එය දැවී යෑමක් ලෙස සටහන් කළත් ජෙම්ස් ටේලර් එම තීන්දුව අභියෝගයට

ලක්කරමින් තෙවැනි විනිසුරුට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට තිබුණි.

නමුත් ප්‍රධාන විනිසුරු දැවී යෑම සටහන් කළත් ඒ අතර කාලය තුළ පිතිකරුවන් දෙදෙනා ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට උත්සාහයක නිරත වුණු අතර එහිදී අනෙක් අන්තයේ සිටි ඇන්ඩර්සන් දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට මැක්ස් වෙල් සමත් වන අතර එය දුවද්දී දැවී යෑම දැවී යෑමක් ලෙස එවෙලේ දෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන තීරණය ලබාදී තිබුණි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම දුවද්දී දැවී යෑම නීති විරෝධී දැවීයෑමක් බවත් ඒ වැරැද්ද විනිසුරුවරුන් භාරගත යුතු බවත්ය. මේ අනුව ඉදිරි තරඟ සඳහා ධර්මසේනගේ සහභාගී වීම සැක සහිත බව විදෙශ් මාධ්‍ය සඳහන් කරයි.

0 comments:

Post a Comment