Pages

Subscribe:

Ads 468x60px

ක්‍රීඩා තරඟයකදී තව සිසුවෙක් දුවද්දි මරුට


අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ මැරතන් තරඟයට එක් වූ 15 හැවිරිදි චමෝද් සත්සර ශිෂ්‍යයා මින් මද
වේලාවකට පෙර මහ මග ඇද වැටී මිය ගියේය. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු කියති.

විදුහල්පති කේ වී ටී කරුණාරත්න මහතා පැවසුවේ මෙම ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයකට ද ඉදිරිපත් කළ බවත්, කිසිම ආබාධයක් නැති බව වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසු තරඟයට ඉදිරිපත් කළ බවයි. 


පාසල් මැරතන් තරගවලට සහභාගි වූ සිසුන් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ඉකුත් වසරේද අවස්ථා කිහිපයකදී ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධීන් වාර්තා වුණා. පසුව අධ්‍යාපන බලධාරීන් නියෝග කළේ එවැනි තරගයකට සහභාගිවීමට පෙර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කර ශාරීරික යෝග්‍යතාව පරික්‍ෂා කර බැලිය යුතු බවයි.

0 comments:

Post a Comment