Pages

Subscribe:

Ads 468x60px

දැදුරු ඔය ජලාශයට පැන සියදිවි හානි කර ගත් සිසුවියගේ සිරුර සොයා ගැනේ


දැදුරු ඔය ජලාශයට පැන සියදිවි හානි කර ගත් 15 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර ද අද උදෑසන සොයා ගෙන තිබෙනවා. පොලිසිය ප‍්‍රකාශ කළේ අදාළ සිසුවිය ජලාශයට පැන ඇතැයි සැකකරන ස්ථානයේ සිට මීටර් 50 ක් පහළට වන්නට මෙම සිරුර ගොඩ ගසා තිබියදී සොයා ගත් බවයි. 

ඊයේ දිනයේ දී මෙම පාසල් සිසුවිය සමග පැන සියදිවි හානි කර ගත් පාසල් සිසුවාගේ සිරුර ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. ඒ නාවික
හමුදාව ජලාශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

මියගිය තරිඳු නිශාන්ත නමැති සිසුවා කුඹුක්ගැටේ මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර ඔහු පදිංචිව සිටියේ කුඹුක්ගැටේ - බොරළුව ප‍්‍රදේශයේයි. සිසුවාගේ පියා ප‍්‍රකාශ කළේ සිය පුතා එදින පාසල් ගියේ තමන් සමඟ බවයි.

අතුරුදන්ව සිටින කොස්වත්ත - ගාමිණී මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්.බී සුභද්‍රා නමැති 15 හැවිරිදි සිසුවිය හල්මිල්ලෑව - ඉහළකොස්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක්.

එම සිසුවා සහ සිසුවිය කාලයක් තිස්සේ පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව ඔවුන්ගේ දෙමව්පියන් පොලීසියට ප‍්‍රකාශ කර තිබුණා. ඊට ඔවුන්ගේ දෙමව්පියන් විරෝධය පළ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

0 comments:

Post a Comment