Pages

Subscribe:

Ads 468x60px

කවුද එහෙම කියන්නෙ? එහෙම දෙයක් නැහැ - විනූ


විනූට ආදරේ දැනිලා තියෙනවාද?
ඔව් දැනිලා තියෙනවා.

මුලින්ම ආදරේ දැනෙනකොට වයස කීයද?
අවුරුදු 22 ක් විතර

පාසැල් පේ‍්‍රමය ගැන අත්දැකීම් නැද්ද?
පේ‍්‍රම යෝජනා ආවත් පාසැල් පේ‍්‍රමයක් තිබුනේ නැහැ.

පාසැල් පේ‍්‍රමය විනය විරෝධීය කියන කතාව සාධාරණයිද?


සාධාරණයි. පාසැල් කාලයේ දෙමව්පියන්ගේ ආදරය විතරක් තිබ්බම ඇති.

විනුගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ආදරයට ලැබෙන්නේ කීවැනි තැනද?
අංක එක

ප‍්‍රථම පේ‍්‍රමය අමතක කරන්න බැහැ කියන්නෙ ඇත්තද?
අනිවාර්යයෙන්ම. ඒක ජීවිතේට විශේෂ මතකයක්.

විදපු සුන්දරම පේ‍්‍රම ගීතය මොකක්ද?
මට මගේ නොවෙන මගේම ආදරයක් තිබුනා.

ආදරයේදී කිවතාවක් පැරදිලා තියෙනවද?
මම පැරදිලා නැහැ.

විරහ වේදනාව දැනිලා නැද්ද?
දැනිලා තියෙනවා. හැබැයි ඒ ආදරයෙන් පැරදුන නිසා නෙවෙයි.

විනූ ආදරය කරන්න තෝර ගන්නෙ නළුවෙක්ද ගායකයෙක්ද කී‍්‍රඩකයෙක්ද?
ඔය තුනම නොවෙන්න පුළුවන්

විනූගේ පෙම්වතා කුසල් ජනිත් නේද?
කවුද එහෙම කියන්නෙ? එහෙම දෙයක් නැහැ.

0 comments:

Post a Comment