Pages

Subscribe:

Ads 468x60px

ISIS සටන්කාමීන් විසින් 21 දෙනෙකුගේ බෙලි කපන විඩියෝවක් පිටවෙයි

ISIS සටන්කාමීන් ලිබියාවේදී පැහැරගනු ලැබූ ඊජිප්තු ජාතික ක්‍රිස්තියානි භක්තිකයින් 21 දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්ටර්නෙට් වෙත මුදා හැර තිබේ. 

ඝාතනය කෙරුණු ඊජිප්තු ජාතිකයින් පසුගිය දෙසැම්බර් හා ජනවාරි කාලසීමාව තුළ  පැහැර ගැනීමට ලක් වූයේ, ලිබියාවේ මුහුදුබඩ නගරයක් වන සර්ට්හිදී බවත්, ඔවුන් එලෙස ඝාතනය කිරීමට හේතුව ඔවුන් කිතුනු බැතිමතුන් වීම බවත් අදාළ වීඩියෝ පටයෙන් හෙළි කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම ඝාතන හෙළා දුටු ඊජිප්තුව මේ හේතුවෙන් සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ. අයි.එස්. සටන්කාමීන් ඇතුළු සටන්කාමී
කණ්ඩායම් රැසක් ලිබියාවේ පාලනය සිය ග්‍රහණයට ගැනීමට තැත් කරමින් සිටී. 

මේ අතර අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය තුරන් කිරීමට ලොව අන් රටවල් සමග එක්ව ක්‍රියාකරන බව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි පැවසීය.

0 comments:

Post a Comment