Pages

Subscribe:

Ads 468x60px

148 දෙනකු සමග ජර්මන් ගුවන් යානයක්‌ කඩා වැටේ


ගුවන් මඟීන් හා කාර්ය මණ්‌ඩල සාමාජිකයන් 148 දෙනකු රැගත් ජර්මනියේ ලුතන්සා ජාතික ගුවන් සේවාවට අයත් ජර්මන් වින්ස්‌ ගුවන් යානයක්‌ ඊයේ (24 දා) දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස්‌ කඳු මිටියාවතට කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්‍ෂයට පත්වන්නට ඇතැයි විදෙස්‌ මාධ්‍ය වාර්තා පවසයි.

මෙම ගුවන් යානය ස්‌පාඤ්ඤයේ බාසලෝනා නගරයේ සිට ජර්මනියේ ඩසල්ඩෝ නගරය දක්‌වා පියාසර කරමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇති අතර එහි ගමන් ගත් මගීන් 142 ක්‌ හා ගුවන් කාර්ය මණ්‌ඩල

සාමාජිකයන් 6 දෙනා මියයන්නට ඇති බව ප්‍රංශ ජනාධිපති ප්‍රැන්කොයිස්‌ හොලන්ඩේ ප්‍රංශ මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබේ.

මෙම මඟී ගුවන් යානයෙහි ගමන් ගත් වැඩි දෙනා ජර්මානු ජාතිකයන් බව අනාවරණය වී ඇති අතර එම යානය බාසලෝනා ගුවන් තොටුපළෙන් ඩසල්ඩෝ නගරය දක්‌වා පිටත් වී විනාඩි 45 කට පසුව මෙම අනතුර සිදුව තිබේ.

0 comments:

Post a Comment