Pages

Subscribe:

Ads 468x60px

යහපාලනයට එක්වූ එස්.බී ට එදා හිරුණිකා කියූ දේ


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු විසිහය දෙනෙක්‌ ඊයේ (22 දා) පස්‌වරුවේ නව කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම්
කාර්යාලයේදී දිවුරුම් දුන්හ.ඊයේ ලබාදුන් මෙම පත්වීම් වලින් එස්.බී දිසානායක මහතාටද ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ කැබිනට් අමාත්‍ය ධූරය හිමිවිය.

එස්.බී දිසානායක අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේ චන්ද්‍රිකා කුමාරතුංග නිරුවතින් පාරේ යැවිය යුතු බවට සිදුකළ කතාව ආන්දෝලනයට ලක්විය. පසුව එම කතාවට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් මැතිවරණ දැන්වීමකට පවා පෙනී සිටියේ අදාළ දේශපාලඥයා විසින් සිදුකරන කතා මගින් කාන්තාව නිරුවත් කොට ඇති බව පෙන්වා දෙමිනි. 

0 comments:

Post a Comment