Pages

Subscribe:

Ads 468x60px

රු. 760 ට සිමෙන්ති - සැමන් ටින් එකක් රුපියල් 109 ට

නිෂ්පාදිත කම්හල් වෙතින් රුපියල් 760 කට සිමෙන්ති බෑගයක් ගැනීමට ජනතාවට අවස්ථාව සලසා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.එසේම වෙළෙඳ‍පොළේ කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 870 ක මිලකට  මිලදී ගැනීමට හැකියාව ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉකුත් අතුරු අය වැයේදී සිමෙන්ති ආනයනික බදු අඩු කළද වෙළෙඳ පොළේ සිමෙන්ති මිල අඩු වී නැති බවට පැමිණිලි ලැබි ඇති බවත් ඒ පිළිබඳව අමාත්‍ය රවි කරුණානායක මහතා සිමෙන්ති ආනයනික හා

නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කළ බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

එම සාකච්ඡාවලදී අඩු මිලට සිමෙන්ති අලෙවි කිරීමට එම සමාගම් එකඟතාව පළ කර ඇත.මේ අතර ග්‍රෑම් හාරසියයක සැමන් ටින් එකක් රුපියල් 109 දක්වා අඩුකර ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

0 comments:

Post a Comment