Pages

Subscribe:

Ads 468x60px

අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල අන්තර් ජාලයට


2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ www.doenets.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. 

ඉකුත් වසරේ දෙසැම්බර් මස 9 වැනිදා සිට 18 වැනිදා දක්වා අදාළ විභාගය පැවැත්වුණා. ඊට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ හත්දහස් දෙසිය විසි දෙකක්. මීට අමතරව කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර
යන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද උදෑසන 10න් පසු විභාග දෙපාර්ත මේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරෙනවා.

අනෙකුත් සියලූම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දිනයේම තැපැල් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ. පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛනද ඉතා ඉක්මනින් තැපැල් කරන බව ඔහු කියා සිටියා.

0 comments:

Post a Comment