Pages

Subscribe:

Ads 468x60px

2014 අ.පො.ස. සාමාන්‍ය /පෙළ විශිෂ්ඨයෝ මෙන්න


2014 සාමාන්‍ය පෙළ විභාගයේ හොඳම ප්‍රතිඵලලාභීන්ගේ නාමලේඛනය මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කෙරුණා. එ් අනුව ශ්‍රී ලංකාවේ පළමු වැන්නා වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික්‍රමසිංහයි. ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ඩබ්ලිව්.එ්. සඳනි නවාංජනා ජයවර්ධන දෙවැන්නා වී සිටිනවා.

2014 සාමාන්‍ය පෙළ විභාගයෙන් තුන්වන ස්ථාන 3ක් බිහි වී තිබීම විශේෂත්වයක්. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ ඞී.එස්.පී. අමාෂි

නිවර්තනා, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එස්.එ්. නුවනි නෙත්සරණි සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එ්.එ්.එ්. ගරුණි හංසපානි අබේසිංහ මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.

හොඳම ප්‍රතිඵලලාභීන් අතර 4 වැන්නා වන්නේ කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ දෙව්නි රුවන්කා හේමහංසියි. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්.ඩබ්ලිව්. දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ පස්වැන්නා වී සිටිනවා.

0 comments:

Post a Comment