Pages

Subscribe:

Ads 468x60px

අවුරුදු 25ත් 45ත් අතර පිරිමි සම ලිංගික සබඳතා ඉහළ යාමෙන් ලංකාවේ ඒඩ්ස් වැඩිවෙලා


2014 වසරේදී එච්.අයි.වී ඇතුළු සමාජ රෝග පැතිරීම වෙනත් වසර වලට සාපේක්ෂව වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපාරය
පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 25ත් 45ත් අතර පිරිමි සමලිංගික සබඳතා ඉහළ යාම මෙයට වැඩි වශයෙන් බලපා ඇති බවයි.

ගිය වසරේදී එච්.අයි.වී වලට අමතරව හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, ලිංගික ඉන්නන්, හෙපටයිටිස් බී, ස්කේබිස්, උල්ලෝගම් වැනි සමාජ රෝග ආසාදන වැඩිවීමට මූලිකම හේතුවක් වී ඇත්තේ පිරිමි සමලිංගික සබඳතා පැවැත්වීමට අමතරව විෂම ලිංගික හා සමලිංගික සබඳතා දෙකම පවත්වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.


මෙවැනි පුද්ගලයින් වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල හා යාපනය දිස්ත්‍රික්කවලිනි.

0 comments:

Post a Comment