Pages

Subscribe:

Ads 468x60px

මහින්ද මහනුවරට ලියා යැවූ පණිවිඩය


ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක්ද? එය මගේ ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(6) මහනුවර පැවති දේශපාලන රැස්වීමට එවූ ප‚වුඩයේ සඳහන් වේ. ඔහු අගමැති අපේක්ෂක කරවීමේ අදහසින් මෙම රැළිය විමල්,උදය,දිනේශ් හා වාසුදේව විසින් සංවිධානය කර තිබුණි.

එම ප‚වුඩය මෙසේය.

නුගේගොඩින් ආරම්භ කළ ජයග්‍රාහී ගමනක දෙවන පියවර සාර්ථකව පැවැත්වෙනු දැකීම සතුටට කරුණකි. මේ අවස්ථාවේදී මමද අන්තර්ජාලය හරහා ඔබගේ ජය ඝෝෂාවන්ට සවන් දෙමින් සිටිමි. ඔබගේ මුහුණුවල ඇති අපේක්ෂාවන් මට පැහැදිලිව පෙනේ. ඒ

අපේක්ෂාවන් නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන් මල්ඵල ගන්නා බව මේ අවස්ථාවේදී මම ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරමි.

අපට වුණු අතපසුවීම් සහ වැරදි අප හඳුනාගත යුතුය. එසේම ඒවා යළි නොවන සේ සකස් කර ගැනීම ද කළ යුතුය. සමාව ගත යුතු තැනදී සමාව ගත යුතුය. ද~ුවමක් හිමි නම් එයද සතුටින් භාරගත යුතුය. නමුත් මවුබිම වෙනුවෙන් අපගේ දෙවුර මත පැටවී ඇති වගකීම ඉටු කිරීමට මේ කිසිවක් බාධාවක් ලෙස නොසැළකිය යුතුය.

අපගේ වැරදි වෙනුවෙන් ලැඛෙන ද~ුවම ද~ුවමකි. නමුත් මවුබිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැඛෙන ද~ුවම අභිමානයකි. මවුබිම වෙනුවෙන් හිස් ගැසුම් කා ගලාගිය අභිමානය ලෙයින් වැඩිපුරම තෙමුනු පොළවක් වන ඓතිහාසික කන්ද උඩරටට ඔබ මේ පැමිණ ඇත්තේ ජයග්‍රහණය කරන්නට එක හිත් හිතාගෙන බව මට ඔබේ මුහු‚න් පෙනේ.

ඔබ සැම මේ ගමන් කරන්නේ ජයග්‍රහණය දෙසට වැටී ඇති මාවතේය. ජයග්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරා ගෙන ඇති ඔබට මම සුබ පතමි. ඒ සඳහා ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක්ද, එය මගේ ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි. ඒ සඳහා අවශ්‍ය ප්‍රමුඛතම ශක්තිය වන්නේ ඔබයි. ඒ ශක්තිය අඩු නැතිව පවතින බවට මේ මහා ජන සන්නිපාතය සාක්ෂි දරයි.

වහසිබස් දොඩවන්නට අයිතියක් නැති අය වහසිබස් දොඩනවිට එය හුදු විහිළුවක් පමණක් වේ. ඒ නිසා ඔබ ඒ ගැන කලබල විය යුතු නැත. අමුතු තාලේ නීති පනවා නතර කිරීමට උත්සාහ කළ ඔබ ඒ අවදානම හිස මත දරාගෙන සත්‍යය වෙනුවෙන්ද යුක්තිය වෙනුවෙන් ද පැමිණ පළ කළ නිර්භීතභාවය මවුබිමේ ජයග්‍රහණය සඳහා අමතර ශක්තියක් බව විශේෂයෙන් ප්‍රකාශ කරමි.

ඔබ සැමට ජය වේවා මවුබිමට ජයවේවා

ඔබ සැමට දළදා සමිඳු පිහිටයි

0 comments:

Post a Comment