සූර්යයා අද (07 වැනිදා) දහවල් 12.12 ට ශ්‍රී ලංකාවට ඉහළින් සෘජුවම පවතින බවත් මේ දිනවල පවතින දැඩි අව් රශ්මියට හේතුව එම තත්ත්වය බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ
විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ඊයේ (06 වැනිදා) පැවසීය.
මෙම මස 05 වනිදා සිට ලබන 15 වැනිදා දක්‌වා කාලය තුළ මෙරට අක්‍ෂාංශ වලට සෘජුවම ඉහළින් හිරු ගමන් කරන බව ද හෙතෙම කියා සිටියි. එම නිසා එම කාලය තුළ දැඩි අව් රශ්මියක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.
අද දහවල් 12.12 ට පානදුර, දෙනගම, දොඹගහවෙල සහ මාලිගාවිල යන නගරවලට හිරු මුදුන් වන බව ද කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේය. අංශක 06 කලා 43 යන අක්‍ෂාංශවල අද සූර්යයා පිහිටයි. අප්‍රේල් හා අගෝස්‌තු යන මාසවලදී සූර්යයා ශ්‍රී ලංකාවට මුදුනින් ගමන් කෙරේ.
0 comments:
Post a Comment