Pages

Subscribe:

Ads 468x60px

අට හැවිරිදි පාසල් දරුවා පාර පනිද්දී යතුරු පැදියට හසුවී මියයයි


ඊයේ උදෑසන හතට පමණ මඩකලපුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අට හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගියා. මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ කිරාත්කුලම් ප්‍රදේශයේදී මෙම අනතුර
සිදුවුයේ දරුවාගේ නොදන්නාකමට වේගයෙන් පාර මාරුවන්නට
තැත්කළ අවස්ථාවකදීය.

පාරේ වම්පසින් ගමන් කරමින් සිටි සිසු දරුවා එක්වරම පාර හරහා වේගයෙන් පැන මාරුවෙන්නට තැත් කර තිබුණ අතර එතැනින් ගිය යතුරු පැදියක හැපී එම ස්ථානයේදීම මියගියා.

සිසුවා පාර පැන්නේ එකවරම නිසා තමන්ට කිසිවක් කරන්නට අවස්ථාවක් නොවුණ බව යතුරු පැදිය පැදවූ පුද්ගලයා පවසා තිඛෙනවා.
මෙම සිද්ධිය අසළ නිවසක තිබුණ සීසීටීවී කැමරාවකද සටහන්ව තිබුණා.
සිසුවාගේ මෘත ශරීරය රෝහලේ තැන්පත් කර ඇත. කාත්තන්කුඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

සිද්ධියේ සීසීටීවී වීඩියෝව ඇතුළත් වාර්තාව පහතින්

0 comments:

Post a Comment