Pages

Subscribe:

Ads 468x60px

යාපනය සිසුවිය මැරුවේ පොලිස් කොස්තාපල්වරියකගේ පෙම්වතා - කොන්ත්‍රාත්තුව රුපියල් 50000ක්


යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට
තිබෙන බව වාර්තා වනවා.

කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු ‍වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර

පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කැර තිබෙන බව
රහස් පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කැර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිවුණා.

සිසුවිය ඝාතනය කිරීම සඳහා රුපියල් 50000/-ක මුදල් ලබාදීමේ පොරොන්දුවක් මත මුලින් රුපියල් 10000/-ක් ලබාදී තිබෙන අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කොන්ත්‍රාත්තුව ‍බාරදුන් පුද්ගලයින් එකඟ වී තිබෙනවා.

0 comments:

Post a Comment