Pages

Subscribe:

Ads 468x60px

සරුංගලයේ සැඟව ආ මරුවා (ඡායාරූප සහිතයි)


සරුංගලයක් උඩ යවමින් සිටි නම හැවිරිදි කුඩා දරුවෙකු භාවිතා නොකරන ලද වතුර පිරි වැසිකිළිවලකට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. පෙරේදා (25) හවස එසේ මිය ගොස් ඇත්තේ ඇත්කදුර නාඹරඅත්ත පදිංචිව සිටි තරිදු චතුරංග ලියනගේ නැමැති ඇත්කදුර සීවලී මහා විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙකු වේ.

මිය ගිය දරුවාගේ පියා වන තුෂාර පි්‍රයන්ත (35) කුරුදු තැලීමේ රැකියාව කරන අතර මව වන දීපිකා දමයන්ති (31) ඇත්කදුර හන්දියේ මසා නිම

කල ඇදුම් හා රෙදි අලෙවිසැලක සේවය කරන අතර ඔහුට වැඩිමල් දොළොස් හැවිරිදි සොහොයුරෙකු ද සිටී.

ඉකුත් සදුදා පාසල් ගොස් ඇති මෙම දරුවා පාසල නිමවීමෙන් පසු මව සේවය කරන රෙදි අලෙවි වෙළෙඳ ස්ථානයේ රැඳී සිටිය දී සරුංගලයක් යැවීමට තනිවම ගොස් සිටියදී මෙම අනතුරට පත් වී ඇති බව මූලික පොලිස් පරීක‍ෂණ වලදී හෙළිව ඇත. 


ආහාර ගැනීමෙන් පසු මියගිය දරුවා සවස 2.00 ට පමණ සරුංගලයක් යැවීමට රෙදි අලෙවිසැළ පිටුපස ඇති ස්ථානයකට ගොස් සිටි බවත් එම ස්ථානයට නුදුරින් අළුතින් ඉඳිකරගෙන යන ගොඩනැගිල්ලක් පසුපස හාරන ලද වැසිකිළිවලකට මෙම දරුවා වැටෙන්නට ඇතැයි පොලීසිය කරන ලද පරීක‍ෂණ අනුව අනාවරණය වී ඇත.

අවට ප්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත්තේ පැය කිහිපයක් තිස්සේ සරුංගලයක් අතැතිව සිටි මෙම දරුවා එය උඩහරිමින් සිටි බවත් දරුවා ගේ පියා වැඩ නිම වීමෙන් පසු මව හා දරුවා රැගෙන යාමට පැමිණ දරුවා ගැන සොයා බලන විට අසල තිබූ දරුවාගේ පාවහන් යුගල හා නූල් පන්දුවක කොටසක් තිබී ඒ අවට විපරම් කිරීමේ දී වතුර පිරී තිබූ භාවිතා නොකල වැසිකිළිවලේ දරුවා වැටී සිටින බව මුලින්ම දැක ඇත්තේ පියා විසිනි.

පියාගේ කෑ ගැසීම මත එතනට රැස්වූ අයෙකු වළට පැන දරුවා වලෙන් ගොඩගෙන ඇල්පිටිය මූලික රෝහල වෙත දරුවා රැගෙන යනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
DSC06178 DSC06179 DSC06180 DSC06181 DSC06182 DSC06183 DSC06185
IMG_7252 copy

0 comments:

Post a Comment