Pages

Subscribe:

Ads 468x60px

පාර්ලිමේන්තුව විසුරුවයි - මහ මැතිවරණය අගෝස්තු 17


ඊයේ (26 සිකුරාදා) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය මේවන විටත් භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර එය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යවා ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ
ගැසට් නිවේදනයේ දැක්වෙන ආකාරයට ඊළග මහමැතිවරණය අගොස්තු 17 වන දිනට යොදාගෙන තිබෙන බවයි.
නාමයෝජනා කැඳවීම ජුලි 6-13 අතර සිදුවන බවත් නව පාර්ලිමේන්තුව

රැස්වීම සැප්.01 සිදුකරන්නට නියමිත බවත් ගැසට් නිවේදනයේ දැක්වේ.

පාර්ලිමේන්තුවේදී 20 වන සංශෝධනය සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවන බවට කතා පැතිරුණද එය සිදුවූයේ නැත. පාර්ලිමේන්තුව විසුරුවන බවට පසුගිය දින කිහිපය පුරාම රාවයක් පැතිරුණ අතර අද එම කතාව සැබෑවක්වී ඇත. මේ අනුව අද සිට දේශපාලන ලෝකය ඊළග සති 8 ක කාලය තුළ මහමැතිවරණය සඳහා පෙළ ගැසෙනු ඇත.

0 comments:

Post a Comment