Pages

Subscribe:

Ads 468x60px

ලංකාවේ අන්තර් ජාලයේ සිදුවන විප්ලවීය වෙනස


ඉදිරි වසර හතර තුල මුළු දිවයිනම ආවරණය වන පරිදි වයි ෆයි අන්තර් ජාල සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වයි ෆයි ව්‍යාපෘතිය භාර ප්‍රධාන නිලධාරී මහින්ද බී හේරත් මහතා බී.බී.සී. සිංහල සේවය සඳහා අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි.

"තමන්ගේ ගෙදරට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයට රෞටර් එකක් හරහා එතන කුඩා වයි ෆයි කලාපයක් ඇති කර ගන්න පුළුවන්.

ඒකට කියන්නේ රීටේල් (Retail) වයි ෆයි කියලා. 

කැරියර් ග්‍රේඩ් (Carrier Grade) කියන්නේ වයි ෆයි ජාලයක්. මධ්‍යම පාලක මැදිරියේ ඉඳලා මේ හොට් ස්පොට්ස් සියල්ලම පාලනය කරන්න පුළුවන්."

මෙම කලාප වලට පැමිණෙන අයට වවුචරයක් මිල දී ගෙන අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි අතර තම නිවසෙන් බැහැරව සිටියදී පවා සිය නිවසේ ග්‍රාහකය හරහා අන්තර් ජාලයට යාමට මෙම කලාප තුලදී අනුගත විය හැකි වනු ඇත. 


මීට අමතරව මෙම කලාප හරහා වෙළඳ ආයතනවලට වයි ෆයි පහසුකම් ලබා ගෙන ඒවා ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ පාරිභෝගිකයන්ට ලබා දීමේ පහසුකමද ඉදිරියේදී ලැබෙනු ඇත. 

0 comments:

Post a Comment