Pages

Subscribe:

Ads 468x60px

අනේ .. ඔයාලවත් ඩිල්ෂාන් දැක්කොත් ජූලි 9 දා මේ පැත්තෙ එන්න කියන්න...


ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්නට විරුද්ධව ඔහුගේ හිටපු බිරිඳ විසින් තම පුතාට නඩත්තු වියදම් හා වන්දි ඉල්ලා පැවරූ නඩුව ඊයේ (10) කැඳවනු ලැබීය.

එම නඩුව  අංක 09 අධිකරණ ශාලාවේදී විභාග වූ අතර එහිදී පිස්කල් නිලධාරීන් දැනුම් දෙනු ලැබුවේ ඩිල්ෂාන් ලබාදී ඇති ලිපිනය වැරදි එකක් බවයි. එබැවින් ඩිල්ෂාන්ට සිතාසි භාරදීමට නොහැකි බවත් ඩිල්ෂාන්

තිලකරත්න සොයාගත නොහැකි බවකි.

මෙය අසා සිටි විනිසුරුවරයා මෙවැනි ප්‍රසිද්ධ පුද්ගලයෙකු සොයා ගැනීමට අසීරු වීම විමතියට කරුණක් බව පැවසුවේය. ඉන්පසු ශාලාවේ සිටි ජනතාව අමතමින් ‘ඔයාලා මේ පුද්ගලයා දැක්කොත් ජූලි 09 වෙනිදාට එන්න කියන්න' යැයි පවසමින් එහි සිටි හැමෝගෙම මුවගට සිනාවක් නැංවීය.

මීළඟ නඩු දිනය වන ජූලි 09 වෙනිදාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ඩිල්ෂාන්ට නියෝග කරනු ලැබීය.

0 comments:

Post a Comment