Pages

Subscribe:

Ads 468x60px

කොල්ලෝ පැදවූ ත්‍රීවීලරයේ ලේ පෙරාගෙන වැටී සිටි තරුණයෙකුගේ මළසිරුරක්


ඊයේ සවස වත්තල පල්ලියවත්ත පාලම අසලදී වේගයෙන් කලබලයෙන් ආ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රීරෝද රථ දෙකක ගැටී අනතුරක් සිදුවුණා. එම අවස්ථාවේ පෙරළී ගිය ත්‍රීරෝද රථය නැවත කෙලින් කර හරිගස්සාගෙන එහි සිටි අය පළායන්නට උත්සාහ කළා.

සාමාන්‍යයෙන් අනතුරක් සිදුවූ විට දෙපාර්ශ්වය අලාභය ගැන කතිකාවක් ඇති කරගන්නා නමුත් සැකසහිත ලෙස මෙම රථය පළායන්නට වූ නිසා

අවට ප්‍රදේශවාසීන්ද එක්වී එම රථය නවතා එහි සිටිය අය එළියට ගත්තා.


එම අවස්ථාවේ අවට සිටියවුන් පුදුමයට පත්කරමින් ලේ ගලන තුවාල සහිත තිදෙනෙකු ඒ ඇතුළේ ගමන් කරමින් සිටි අතර ඉන් එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනා තුවාල සහිතව සිටියා.


පොලිසිය මැදිහත්වී එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ අධික ලෙස බීමත්ව සිටි තුවාලකරුවන් දෙදෙනා රාගම රෝහලට පිටත්කර යවා ඇති අතර මියගොස් සිටින

තැනැත්තා ගැනද පරීක්ෂණ ආරම්භ කළා. හැඳල පී්‍රතිපුර මුහුදු ප්‍රදේශයේ දිය නෑ තරුණයින් තිදෙනෙකු මේ ආකාරයට ගමන් කර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිඛෙනවා.

අධික ලෙස බිමත්ව ත්‍රිරෝද රථයකින් ආපසු එමින් සිටියදී එම ත්‍රිරෝද රථය මුලින්ම හැඳල පල්ලියවත්ත පල්ලිය ප්‍රදේශයේදී පෙරළී ඇත.
ත්‍රිරෝද රථය පැදවු අයට බරපතළ තුවාලවී  හෝ මියගොස් ඇත්තේ එම අවස්ථාවේය.

අනෙක් දෙදෙනා ඔහුද නංවාගෙන එක් අයෙකු ත්‍රීරෝද රථය පදවමින් වත්තල දෙසට එමින් සිටියදී ත්‍රිරෝද රථය නැවත පල්ලියවත්ත පාලම අසලදී තවත් ත්‍රිරෝද රථ දෙකක ගැටීදෙවන අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ රථය පෙරළී ඇත. 


එම ස්ථානයේදී තුවාල දෙදෙනා නැවතත් ත්‍රි රෝද රථය පණගන්වාගෙන ඉදිරියට යන්නට කළ උත්සාහය මහජනයා විසින් නවතා පොලිසියට ඔවුන් යොමු කර ඇත.

ඊයේ (31) පස්වරු 3.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණි.


මියගොස් ඇත්තේ සජිත් අශෝක් නමැති 32 හැවිරිදි අයෙකි. අසාධ්‍යව රෝහල් ගතකර ඇත්තේ එකම පවුලේ සොහොයුරන් වූ සතාසිවම් සතිශ් කුමාර (24) සහ සතාසිවම් දිනේෂ් කුමාර (28) යන දෙදෙනාය.


මියගොස් ඇති සජිත් අශෝක් නමැති පුද්ගලයා යකඩ කම්හලක සේවය කළ අයෙකි. හිසට බරපතළ තුවාල සිදුවීමෙන් ඔහුගේ මරණය සිදුවී ඇත.
ඉදිරි පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

0 comments:

Post a Comment