Pages

Subscribe:

Ads 468x60px

මේ හූරන හීරිල්ල ගැන දරුවන්ට දොස්‌ කියල තේරුමක්‌ නෑ


ලංකාවට ජංගම දුරකථන හෝස්‌ගාල මතුවෙන්න කලින් තොරතුරු හුවමාරු කර ගත්තෙ ලිපි මගින්. ඒ කාලෙ පෙම්වතියක්‌ හෝ පෙම්වතෙක්‌ ලිපියක්‌ ලියල තමන් දන්නා තාලෙට කවිත් ලිව්වා. සමහර විට සුමාන දෙක තුනේ තැපැල් පියුම් මහත්තය එනතුරු බලාන ඉන්නව. 

කෙනකුට හිතෙන්න පුළුවන් ඒ කාලෙ කොච්චර සුන්දරද කියල. ඒක ඇත්ත ඒ සංස්‌කෘතිය අදත් තිබුණ නම් මේ තරම් සමාජ පරිහානියක්‌ නොවෙන්න තිබුණා.

මේ කියමනෙන් කිසිසේත්ම අදහස්‌ වෙන්නෙ නැහැ. අද පවතින සමාජ පරිහානියට බලපෑවෙ ජංගම දුරකථන කියල. ඒ වුණත් මේ පුංචි සුරංගනාවියගෙ කතාව ඇහුවම ඔබට හිතේවි ලියුම් ලියන එක තරම්
සුන්දරතාවක්‌ තවත් නැතිය කියල. අනික දෙමාපියන්ගෙ නොසැලකිල්ල ගැනත් මොන තරම් දේවල් හිතේවිද?

මේ පුංචි සුරංගනාවිය හිටියෙ ගාල්ලෙ තෙලිකඩ කියන අති සුන්දර ගමේ. මේ සුරංගනාවිගෙ නම අචලා. අචලාට එක මල්ලියෙක්‌ හිටිය. අචලාට වයස පහළොවක්‌ විතර ඇති අම්මයි තාත්තයි දෙන්නම රැකියා කරනව.

මේ ගෙදර අචලාට වෙනම කාමරයක්‌ තියෙනව. ගෙවල් දොරවල් අස්‌පස්‌ කිරිල්ලත් ඇඳුමක්‌ පැලඳුමක්‌ හේදිල්ලක්‌ ගේ දොර අතුපතු ගෑමක්‌ අචලා අතින්නම් සිද්ධ වෙන්නෙ නෑ. ඈ එක්‌තරා ලෝකෙක තනිවෙලා.

පසුගිය අවුරුදු දවස්‌වල අචලාගෙ අම්ම කාමරේ අතුගාන්න අදහස්‌ කරල කාමරයට ගිහින් කොස්‌ස ඇඳ යටට දැම්ම. ඇඳ යට තිබිල මොනවදොa කුණු කන්දක්‌ කොස්‌සෙ හැපිල නාය ගියා වගේ ඇදිල ආවා. අම්ම කුණු කන්ද එළියට ඇදල බලනවත් එක්‌ක ඔළුවට අත ගහ ගත්ත. 

අම්ම ගිහිල්ල අචලාගෙ තාත්තට කිව්ව ඇඳ යට කුණු කන්දෙ මොනවද තිබුණෙ කියල. එතන ටෙලිෙµdaන් කාඩ් සූරල සූරල ඇඳ යටට දාල. වැඩිපුරම තිබුණෙ රුපියල් සීයෙ හූරපු කාඩ්. මේ කාඩ්වල ගණන් මිමි එකතු කළ තාත්තට තරු පෙනුණෙ නෑ තරු පිටවුණා. රුපියල් හැත්තෑපන් දාහක කාඩ්.

ඉතිං ඒ ගෙයි මුල්ලෙ තිබුණු දේ පමණයි ගෙයින් බැහැර මොන තරම් සල්ලි කන්දරාවක්‌ මේ කාඩ් හීරිල්ලට යටවෙන්නට ඇත්ද?

මේක මේ පුංචි සුරංගනාවියගෙ වැරැද්දක්‌ නොවෙයි. මුළුමහත් සමාජයේම වැරැද්දක්‌. මේ දුප්පත් අම්ම තාත්ත වෙරව වීරියෙන් හරිහම්බ කරන තුට්‌ටු දෙක කොහාටද යන්නෙ මේ හූරන හීරිල්ල ගැන දරුවන්ට දොස්‌ කියල තේරුමක්‌ නෑ.

0 comments:

Post a Comment