Pages

Subscribe:

Ads 468x60px

දෙකෝටි තිස්‌ හතර ලක්‍ෂයක වියදමින් සුගතදාසේ හෝටලයේ වහලට අමානෝ තහඩු සවි කරන්නේ කාගේ උවමනාවටද

රුපියල් දෙකෝටි තිස්‌ හතර ලක්‍ෂයක පමණ වියදමක්‌ දරමින් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ ඇති කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීරණයේ හෝටලයේ වහලට අමානෝ තහඩු සවිකරන්නේ කාගේ උවමනාවක්‌ මතද යන ගැටළුව මේ වන විට මතුව තිබේ.

අදාළ හෝටලය කලක පටන් නිසි පරිදි නඩත්තු නොවූ අතර සුගතදාස අධිකාරියේ ඉකුත් සභාපතිවරයාගේ කාලයේ මෙය ඉවත්කර තරු 3 හෝටලයක්‌ ඉදිකිරීමේ යෝජනාවක්‌ ගෙනෙන ලදී.

නමුත් මේ වන විට හෝටලයේ නඩත්තු කටයුතු යන හේතුව මත පිහිටා අධික වැයක්‌ දැරිය යුතු අනවශ්‍ය කටයුත්තකට අතා ගසා ඇති බවට

චෝදනා එල්ල වෙමින් ඇත.

ඇස්‌බැස්‌ටස්‌ තහඩු සවිකර ඒ මත උළු සෙවිලි කර ඇති වර්ග අඩි 20,000කට අධික ප්‍රමානයේ වහලයේ සැබැවින්ම නඩත්තු විය යුතු කොටස අතහැර වැසි දියට හොඳින් ආවරණය පෙදෙස මෙලෙස අමානෝ ඇතිරීමට යාම විහිළුවට කරුණක්‌ යෑයි එහි සේවකයෝ පවසති.

ඇස්‌බැස්‌ටර් තහඩු අතුරා ඇති පෙදෙසින් වැසි ජලය කාන්දුවන්නේ එක්‌ ස්‌ථානයක පමණක්‌ බවත්, එම කොටස යථාතත්වයට පත්කර අනතුරුව සම්පූර්ණ උළු ස්‌ථරය වර්ණ ගැන්වීම මෙහි සේවකයන්ගේ යෝජනාව වී තිබේ. 


නමුත් ඒ වෙනුවට අධික වියදමක්‌ දරමින් වෙනම කටයුත්තක යෙදෙද්දී, සැබෑ ලෙසම වැසි ජලය කාන්දුවන කොටසේ නඩත්තුව පිණිස මෙතෙක්‌ ප්‍රතිපාදන නොමැති බවත්, ඉදිරියේදී එය සිදුකරන බවත් සුගතදාස පාලකයන් පැවසා ඇති බව වාර්තා වේ. 

එසේම අධික සූර්ය තාපය වැලකීමේ ක්‍රමයක්‌ ලෙසින් අතුරා තිබූ උළු ඉවත්කර අමානෝ තහඩු ඇතිරීමෙන් එම අවශ්‍යතාව ඉටුවේද යන ගැටළුවද මෙහිදී මතුවේ.

සුගතදාස හෝටලයේ සමස්‌ත පිළිසකර කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 7ක්‌ පමණ වැය කිරීමට සූදානම් බවද එහි එක්‌ කොටසක්‌ ආධාරයක්‌ වශයෙන්ද අනෙක්‌ මුදල් කොටස සුගදාස අධිකාරියේ පදනමකින් ලබාගන්නා බවද සැලවේ.

මෙම කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය හරහා වන අතර එහිදී ටෙන්ඩර් කැඳවීමක්‌ අවශ්‍ය නොවේ.

මේ අතර මේ වන විට කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ව්‍යපෘති කළමනාකරු ලෙසින් තොරතුරු තාක්‍ෂණ කළමනාකරුව නම් කර තිබීම ද ගැටළුවක්‌ වන අතර තමන්ට අදාළ නොවන ක්‍ෂේත්‍රයක වගකිවයුතු තනතුරක්‌ ඉකුත්දා මෙලෙස ලබාදීම මත පාලකයන්ට තමන්ට රිසිසේ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීමේ හැකියාව සැලසෙන බවද කියවේ.

0 comments:

Post a Comment