Pages

Subscribe:

Ads 468x60px

විස්ස සම්මත කිරීමට කැබිනට් අනුමැතිය - මන්ත්‍රී ආසන සංඛ්‍යාෙවේ වෙනසක් නැහැ

දැනට පවතින පාර්ලිමේන්තු ආසන ප‍්‍රමාණය වැඩි නොකොට නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ රාත‍්‍රීයේ පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී අනුමැතිය හිමිවු බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. 

ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර සංඛ්‍යාව 255ක් දක්වා වැඩිකළ යුතු බවට වු යෝජනාව ප‍්‍රතික්ෂේප වු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කේවල ක‍්‍රමයට මන්ත‍්‍රීධූර 125ක් සහ සමානුපාතික ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන් 75 දෙනෙකු තෝරා ගැනීම නව මැතිවරණ ක‍්‍රමය යටතේ සිදුවනු ඇති. 


නව ක‍්‍රමයට අනුව ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත‍්‍රීධූර සංඛ්‍යාව 25ක් වනු ඇති බවද අජිත් පී පෙරේරා මහතා කියා සිටියා. එම යෝජනාව
සඳහා නව කෙටුම්පතක් සකස් කළ යුතු බවත් එය දින හතරක් තුළ සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා එකඟ වූ බවද අජිත් පී. පෙරේරා මහතා පවසනවා. 

එසේම මෙම නව කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව නැවතවරක් අමාත්‍ය මණ්ඩලය විසින් එය සලකා බලා ඉදිරි කටයුතු කරන බවත් මෙය එම මූලධර්ම පිළිබඳ ඇති කරගනු ලැබූ අවසන් එකඟතාවයක් ලෙස සැලකීමට හැකි බවද ඔහු පැවසුවා.

විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙන යන්නේ නම් එමගින් විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බලපෑම් එල්ල විය හැකි බව මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් බවයි අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ. 


එම තත්ත්වය තුළ විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගැනීමට අවශ්‍ය යම් යම් උපදෙස් ජනාධිතිතුමා විසින් සන්ධානයේ මන්තී‍්‍ර කණ්ඩායමේදී ලබාදීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධාන කළ ජනරැුළිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් ඊයේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී සංවිධාන කර තිබුණා.

ඊට එක්වු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සිය වගකිම වන්නේ කැබිනට් මණ්ඩලය තුළ එය සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බවයි. 


පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගැනීමේ වගකීම එය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 225 දෙනාගේ වගකීම වන බවද ජනාධිපතිවරයවා මෙහිදී පෙන්වා දුන්නා.

0 comments:

Post a Comment