Pages

Subscribe:

Ads 468x60px

වාර්තාවක් තැබූ විලෙහි දැවැන්ත දිය සුලියක් (වීඩියෝ)


විලක් මධ්‍යයේ දැවැන්ත දිය සුලියක් නිර්මාණය වීමේ පුවතක් මේ වන විය අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. මේ ආකාරයට දිය සුලියක් නිර්මාණය වී තිබෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් හා ඔක්ලහෝමා අතර පිහිටා ඇති ටෙක්සෝමා විල මධ්‍යයේයි.

මෙම අහඹු දසුන ටුල්සා දිස්ත‍්‍රික්කයේ ඇමරිකානු ඉංජිනේරු බලසේනාවේ භටයින් විසින් වීඩියෝගත කර ට්විටර්හි පළ කර තිබේ.

ඉංජිනේරු බලසේනාවේ භටයින් පවසා ඇත්තේ මෙම යෝධ දිය සුළිය විෂ්කම්භයෙන් අඩි 8ක් පමණ වන බවයි. එයට සාමාන්‍ය ප‍්‍රමාණයේ බෝට්ටුවක් ගිල ගත හැකි බවද ඔවුන් පවසනවා. කෙසේවෙතත්
ටෙක්සෝමා විලේ සහකාර ජලාශ කළමණාකරු බී.ජේ පාර්කි පවසා ඇත්තේ මෙය අතිශය සාමාන්‍ය සංසිද්ධියක් නිසා ඇතිවූවක් බවයි.

ඇමරිකාවේ විශාලතම ජලාශයක් වන ටෙක්සෝමා විල තුළ රතු නදිය හරස් කර තනා ඇති ඩෙනිසන් වේල්ල හේතුවෙන් සාමාන්‍යයෙන් විශාල ජල කඳක් තැන්පත් වේ.එහි ජල කඳ ඉහළ ගිය පසු එය භාරව සිටින භටයින් ජලාශ පතුලේ ඇති ජලය බැස යන ද්වාරය විවර කරනු ලබයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ ආකාරයට දීය සුලියක් හටගෙන තිබේ.

පසුගියදා මුහුදු මට්ටමේ සිට මීටර් 197ක ජල මට්ටමක් දැක්වූ ටෙක්සෝමා විල නව වාර්තාවක් පිහිටවූ බවද වාර්තා වේ. පසුගිය සති කිහිපය තුළ ඇද වැටුණු දැඩි වර්ෂාවද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමට ඉවහල් වී තිබේ.

0 comments:

Post a Comment