Pages

Subscribe:

Ads 468x60px

රක්ෂිතයේ සිටි බැසිල් රාජපක්ෂ ඇප මත නිදහස්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා ගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂ ඇප මත මුදාහැර
තිබෙනවා. 


කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන අද (15)  නියෝග කළේ සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදාහැරීමටයි.

මෙම ඇපකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු පවුලේ ඥාතීන් විය යුතු බවත්, අනෙක් දෙදෙනා රජයේ සේවකයන් විය යුතු බවත් විනිසුරුවරිය ඇප ලබාදීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි බැසිල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ.

0 comments:

Post a Comment