Pages

Subscribe:

Ads 468x60px

පළතුරු පූජාව ගැන චෝදනා වලට ඤාණානන්ද හිමියෝ පිළිතුරු දුන්නේ මෙහෙමයි...


සදහම් වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගිවීමට ලන්ඩන් නුවරට වැඩමකර සිටින මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ එහිදී පැවැත්වූ ධර්ම සාකච්ඡාවකදී සැදැහැවතුන් කිහිපදෙනෙකුම මහමෙව්නා අසපුව විසින් සංවිධානය කළ සේරුවාවිල පළතුරු පූජාව පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දුන්නෝය.

ඤාණානන්ද හිමියන් පැවසුවේ එම පුජාව සඳහා යොදාගත් කිසිදු පළතුරක් හෝ මලක් මිලදී නොගත් බවයි. එලෙසම "වෙරළු ගෙඩියක් තරම් වත් කිසිදු පළතුරක් නිකරුනේ නාස්ති නොකළ" බවද

උන්වහන්සේ පැවසූහ.

මෙම පිංකමට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව පුරාම විවිධ ගම් පළාත්වල සිට පැමිණි පින්වතුන් විසින් රැගෙන ආවේ ඔවුන්ගේ වතු පිටිවල හටගත් පළතුරු පමණක් බව පැවසු උන්වහන්සේ පිංකම අවසානයේදී දන්සැලක් පවත්වා සියලුම පළතුරු අවට ගම්වාසින් සහ පින්කමට සහභාගිවූ පින්වතුන් අතර බෙදාදුන් බවද එකදු පළතුරක් හෝ අපතේ නොයැවූ බවද පැවසුහ.

තමන් වහන්සේ මහණදම් පිරිම ආරම්භකළේද එම පින්බිමෙහි බව උන්වහන්සේ සිහිපත් කළහ.

බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතූන් වහන්සේවන ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල චෛත්‍ය රාජයාණන් වෙත මෙවන් පූජාවක් සිදුකිරීම තුලින් විශාල පුණ්‍ය සම්භාරයක් රැස්කර ගැනීමටද අවස්ථාවක් උදාවූ බවද උන්වහන්සේ පැවසුහ.

භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන මොනම පූජාවකටවත් " ගැරහීමක්" නොකළයුතු බවද " කිසිවෙකුටත් උපකාරයක් නැති අනවශ්‍ය දේ පැවසීමෙන් පව් පුරවා නොගන්නා ලෙසද" උන්වහන්සේ සිහිපත් කර දුන්හ.

සේරුවාවිල පළතුරු පූජාවේ දසුන් කිහිපයක්,



0 comments:

Post a Comment