Pages

Subscribe:

Ads 468x60px

පාර්ලිමේන්තුව හෙට රාත්‍රී විසුරුවයිද..? විවාදයක්‌ අද


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (24 දා) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකරන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය. පක්‍ෂ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන්ම මේ පිළිබඳ කළ විමසීමේදී 24 වැනිදා රාත්‍රි පාර්ලිමේන්තුව විසුරුවන බව දැනගන්නට ලැබුණු බව ඔවුහු ප්‍රකාශ කළහ.

මැතිවරණ ක්‍රමය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක්‌ අද (23 දා) සහ හෙට (24 දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අද පස්‌වරු 1.00 ට මෙම

විවාදය ඇරඹෙන අතර හෙට පෙරවරු 9.30 සිට දෙවැනි දිනයටත් විවාදය පැවැත්වේ.

මෙම විවාදය පැවැත්වීමෙන් පසුව වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය අවසන් කරමින් එය විසුරුවා හරින බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

සැප්තැම්බර් මාසයේ අලුත් පාර්ලිමේන්තුවක්‌ පිහිටුවන බව මින් පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පුවත්පත් කතුවරුන් හමුවේ ප්‍රකාශ කර තිබිණි. 


සැප්තැම්බර් මස අලුත් පාර්ලිමේන්තුවක්‌ පිහිටුවන්නේ නම් අගෝස්‌තු මස අවසන් වෙද්දී පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්විය යුතුය. මැතිවරණයක්‌ පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 52 ක්‌ සහ 65 ක්‌ අතර කාලය තුළදීය.

කෙසේ වෙතත් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවන බවට පසුගිය දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ඔස්‌සේ ද ඉඟි පළකර තිබිණි.


පක්‌ෂ නායක රැස්‌වීම උණුසුම් - රතන හිමියෝ නැගිට යති

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ඊයේ (22 දා) පැවැති පක්‍ෂ නායක රැස්‌වීම් පරස්‌පර අදහස්‌ පළවීම නිසා දැඩි උණුසුම් ස්‌වභාවයක්‌ ගත් අතර ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විරෝධය පළකරමින් එම රැස්‌වීමෙන් පිටව ගොස්‌ ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධ විවාදය අද සහ හෙට (23 - 24) පැවැත්වීමට පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණය වී තිබෙන අතර එම තීරණයට තමන්ට එකඟවීමට නොහැකි බව පවසමින් උන්වහන්සේ රැස්‌වීමෙන් පිටව ගොස්‌ තිබේ.

මේ සම්බන්ධව අතුරලියේ රතන හිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ කියා සිටියේ මෙතෙක්‌ පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකරමින් 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව තීරණය කර ඇති බවයි.

එක්‌සත් ජාතික පක්‍ෂය 20 වැනි සංශෝධනය කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන බව ඊයේ පැවැති පක්‍ෂ රැස්‌වීමේදී සනාථ වූ බවත් එවැනි පසුබිමක ඒ සම්බන්ධයෙන් තමන්ගේ නොසතුට පළකරමින් රැස්‌වීමෙන් පිටව ගිය බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැති පක්‍ෂ නායක රැස්‌වීමට පැමිණ සිටි පක්‍ෂ නායකයන් හා නියෝජිතයන් මැතිවරණ ක්‍රමය විවාදයට ගැනීම සම්බන්ධ පක්‍ෂ හා විපක්‍ෂව අදහස්‌ පළකිරීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී ස්‌වභාවයක්‌ ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

0 comments:

Post a Comment