Pages

Subscribe:

Ads 468x60px

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ අභාප්‍රප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාප්‍රප්ත වුණා.

මිය යන විට 77 වන වියේ පසු වූ ටෝනි රණසිංහ මීට දින 10කට පෙර උදරාබාධයක් හේතුවෙන් කොළඹ
පෞද්ගලික රෝහලකට  ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

1937 ජූලි 31 වන දින මෝදර දී උපත ලද ඒ මහතා මෙරට සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු ලෙසයි සැලකෙන්නේ. පරසතුමල්, ගම්පෙරළිය, හන්තානේ කතාව, දුහුල් මලක්, ගඟ අද්දර වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන් ඔහු සිනමා උළෙලවල් රැසක සම්මානයට පාත්‍ර වුණා.

රංගන ශිල්පයට අමතරව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තිර රචකයෙකු ලෙස ද ඔහු කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියා.

0 comments:

Post a Comment