Pages

Subscribe:

Ads 468x60px

මහරගම දී නළුවා මැරුවේ නිළියක්! - නිළිය කුඩුත් එක්ක මාට්ටු


ටෙලි නාට්‍ය නළුවෙකු වූ ඉන්දික රත්නායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හාලිඇළ බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ හෝටලයක සිටියදීයි. අත් අඩංගුවට ගත් කාන්තාව ටෙලි නාට්‍ය නිළියක් සහ නිරූපිකාවක් බවයි.

පොලීසිය පැවසුවේ. ඇය සතුව තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 100 ක්ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවත් අවස්ථා කිහිපයකදී අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකු බවත් පොලීසිය කියා සිටියා. මහරගම පිළියන්දල ප‍්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 29 වනදා මෙම ඝාතනය සිදුව තිබුණා.


වැඩි විස්තර පහතින්. 

මහරගම අවන්හලකදී නවක නළුවා ඝාතනය කර ඇත්තේ නවක ටෙලි නිළියක්. මාට්ටුවෙද්දී හෑන්ඩ් බෑග් එකේ මත්කුඩු

පසුගිය 29 වනදා අලූයම් කාලයේ මහරගම ප්‍රදේශයේ අවන්හලක් තුළදී ඇති වූ ගැටුමකදී ඉන්දික රත්නායක නමැති රංගන ශිල්පියකු පිහි ඇනුම කින් මියගොස් තිබුණා. ඒ ඝාතනය සිදු කර තිබුනේ කාත්තාවකි.


සැකකාරිය සිද්ධියෙන් පසු අතුරුදන්වූ අතර පොලිසිය සිදු කළ විමර්ශන අනුව ඇයව ඊයේ බදුල්ල ප්‍රදේශයේ සැ`ගව සිටියදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඇය නිරූපිකාවක හා නවක ටෙලි නිළියක ලෙස හඳුනාගෙන ඇත.


ඝාතනයට ලක්ව තිබුනේ පන්නිපිටිය රණවන පාරේ පදිංචි සිටි ඉන්දික රත්නායක (44) නමැති දෙදරු පියෙකි.ශ්‍රී ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් නමැති ආයතනයක් පවත්වායමින් ඔහු ඩුබායි රාජ්‍යයේ වාසය කළ අතර ලංකාවට වරින්වර පැමිණ ගොස් තිබුණා. ඔහුගේ බිරිය හා දරු දෙදෙනා එහි වාසය කළා.


ඝාතනය සිද්ධිය සිදුවන්නට දින දෙකකට පෙර ඔහු ලංකාවට පැමිණ තිබුණා. සිද්ධිය වුණ දා මොහු මිතුරන් දෙදෙනකු සමග අවන්හලට ගොස් තිබුණ බවත් අවන්හලේ සිටි බව කියන ටෙලි නිළි කාන්තාවක හමුවූ බවත් පැවසුණා. ගැටුම ඇතිවන්නට පෙර කිසියම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දෙදෙනා කතාබහ කරමින් සිට ඇත.


කාන්තාව සමග සිටි පිරිසේ අයකු ඉන්දික අසළට පැමිණ ඔහු සමග බහින් බස්වී ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේ ගැටුම අතින් පයින් පහරදෙන මට්ටමට දුරදිග කිය බවත් පැවසුණා. පිහි ඇනුම සිදු කළේ කාන්තාවද නැතිනම් පෙර කී තරුණයාද යන්න තවම නිශ්චය කර නැත.


මෙම රංගන ශිල්පියාගේ මුඛය සහ පපු ප්‍රදේශයට පිහි ඇනුම් 4 ක් එල්ල වී ඇති සලකුණු හ\ුනාගත් බව පොලිසිය පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පොලිසිය එම කාන්තාව හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියා. සිද්ධියෙන් පසු ඔවුන් පදිංචි ස්ථාන වලින් අතුරුදන්ව සිටීම නිසා පොලිසියට එකවරම ඔවුන් සොයාගන්නට බැරිව ගියා. 


පසුව හාලිඇළ බෝගහමඩිත්ත ප්‍රදේශයේ හෝටලයක මේ අය සැ`ගව සිටින බවට පොලිසියට හෝඩුවාවක් ලැබී ඇත. ඒ අනුව වැටළීමක් සිදු කර සැකකාර කාන්තාව හා පිරිමි දෙදෙනෙකු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව නවක ටෙලි නාට්‍ය නිළියක් සහ නිරූපිකාවක් බව පොලීසිය පැවසුවා. මේ අතර ඝාතන සිද්ධිය පසෙක තිබියදී ඔවුන් මත්කුඩු ජාවාරමේ නිරත අය බවද

පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබ ඇත. මෙම ටෙලි නිළිය සතු අත්බෑගයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 100 ක්ද අත්අඩංගුවට පත්වනවිට සොයා ගෙන තිඛෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් එක් සැකකරුවෙකු අවස්ථා කිහිපයකදී අධිකරණයෙන් ද`ඩුවම් ලැබූ අයෙකු බවත් පොලීසිය කියා සිටියා.

මේ අතර ඝාතනයට ලක්වූ ඉන්දික රත්නායක පිළිබඳ වැඩිදුර සෙවූ පොලිසිය මෙම කාන්තාව සමග ඔහු කිසියම් නීතිවිරෝධී ජාවාරමක නිරතව සිටියාද යන සැකයද මතු කරගෙන ඇත. ඝාතනයට හේතුව එහි මුදල් සම්බන්ධ කිසියම් ආරවුලක් වියහැකි බවද පැවසුණා. 


ඝාතනයට ලක්වූ ඉන්දික රත්නායක 2013 වසරේ කාණ්ඩ අංක 13 ක් යටතේ ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු සන්තකයේ තබාගෙන ඒවා 151 ක් මහරගම තැපැල් කන්තෝරුව අසළදී මාරු කරන්නට යද්දී පොලිසියට හසුවූ අයෙකු බවද පැවසුණා.

ඉඳුවරී ටෙලි නාට්‍යයේ ටෙලි නළුවෙකු පිහිපහරකින් මරු වැළඳ ගනී....!

0 comments:

Post a Comment