Pages

Subscribe:

Ads 468x60px

රටම කැළඹූ සුදු වෑන් සංස්‌කෘතිය සරල කාරණයක්‌ ලෙස සළකන්නේ ඇයි..?


නැවතත් "සුදු වෑන්" කතා ඇසෙන්නට පටන්ගෙන තිබේ. සුදු වෑන් ඇති බවත්, භීෂණයක්‌ සිදුවන බවත් නිතර අසන්නට ලැබුණේ පසුගිය ආණ්‌ඩු සමයේය. ජනවාරි අටවැනිදායින් පසු සුදු වෑන්වලට පමණක්‌ නොව තවත් බොහෝ දේට තිත තබන බව ඇසිණි. ජනතාව ඒ විශ්වාසය වෙනුවෙන් අලුත් ආණ්‌ඩුවක්‌ පත් කළහ. දැන් සුදු වෑන් කතා ඇසෙන්නේ ඒ ආණ්‌ඩුව යටතේය.

වරදවා වටහා නොගන්න. මේ වෑයම සුදු වෑන් කතාන්දරය මේ ආණ්‌ඩුවේ මෙහෙයවීමෙන් සිදුවන බව කියන්නට නොවේ. එවැනි දැ සිදුනොවන බව දස අතේ කී ආණ්‌ඩුවක්‌ යටතේම එවැන්නක්‌ සිදුවන්නේ ඇයි දැයි

අසන්නටය. එය අතිශය සාධාරණ පැනයක්‌ ලෙස කවුරුත් පිළිගන්නා බව විශ්වාසය.

කතන්දරය කෙටියෙන් මෙසේ පැහැදිලි කරමු. පසුගිය 20 වැනිදා රාත්‍රියේ සුදු පැහැති වෑන් රථයක්‌ මිරිහාන මූලස්‌ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා සෙබළු තිදෙනෙක්‌ද සමගිනි. ඔවුන් සන්තකයේ තිබී මි.මී. නවය වර්ගයේ පිස්‌තෝලයක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ. 


අත්අඩංගුවට පත්වන මොහොතේ එකී හමුදා සෙබළුන් සුදු පැහැති වෑන් රියේ නැගී සැරිසරමින් සිට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පදිංචිව සිටි නිවාස අසල බවද කියෑවේ. 

මේ ප්‍රවෘත්තියට වැඩි වටිනාකමක්‌ ලැබෙන්නට හේතුව වුණේ එම කාරණයයි. විශේෂත්වය වන්නේ එම හමුදා සෙබළු තිදෙනා ඉහළ පෙළේ හමුදා නිලධාරියකුගේ පෞද්ගලික ආරක්‍ෂකයන් වීමය. එම හමුදා නිලධාරීන් පවසා ඇත්තේ අදාළ පිස්‌තෝලයද එම ඉහළ නිලධාරියාට අයත් බවය.

සුදු වෑන් සම්බන්ධයෙන් පසුගිය කාලවකවානුවේ රටේ ඇතිවී තිබූ භීතිය ගැන අමුතුවෙන් විස්‌තර කළ යුතු නොවේ. සුදු වෑන් වලට "නංවා" ගත් බොහෝ දෙනෙකුගේ ඉරණම පිළිබඳව පොලිස්‌ පොත්වල ලියෑවුණේ නැති තරම්ය. 


එවන් තත්ත්වයක්‌ තුළ මේ අත්අඩංගුවට ගත්තා යෑයි කියන සුදු වෑන් රථයේ සිටි පිරිස සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය මතබේදාත්මකය. 22 වැනිදා පස්‌වරුව වනවිට එම පුද්ගලයන් පිළිබඳව හා ගිනි අවිය පිළිබඳව හා වෑන් රථය පිළිබඳව වාර්තාවක්‌ ලබාදෙන ලෙස පොලිසිය විසින් යුද හමුදා පොලිසියට දන්වා තිබිණි.

එහෙත් එම වාර්තාව නොලැබුණ තත්ත්වයක්‌ තුළ එම සෙබළුන් තිදෙනා ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. යුද හමුදා පොලිසිය මේ ගැන පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙන බවද කියෑවේ. 


අන්සන්තක අනවසර ගිනි අවියක්‌ රැගෙන එසේ නිදහසේ සැරිසැරූ, නිශ්චිත හේතුවක්‌ තවමත් ඉදිරිපත් කරන්නට නොහැකිවූ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටද යන්න ගැන අපට ඇත්තේ අල්ප දැනුමකි. ඒ අල්ප දැනුමෙන් පවා අපට කිව හැක්‌කේ තත්ත්වය වඩාත් සංකීර්ණ බවය.

මේ මතුව ඇති සිද්ධියත් සමඟම බොහෝ දේ හෙළිදරව් කරන මහත්වරුන්ට අභියෝගයක්‌ ඉදිරිපත් වී ඇති බව කිව යුතුය. හිටපු අය පිළිබඳව හෙළිදරව් කිරීම්වලදී ඒ කාලයේ තිබුණා යෑයි කී "සුදු වෑන් සංස්‌කෘතියක්‌" ගැන තවමත් නිශ්චිතව අනාවරණය කරන්නට කිසිවෙකුටත් හැකියාවක්‌ ලැබී නැත. ඇත්තෙන්ම එසේ තිබුණා නම් ඒ ගැන හෙළිදරව් කරන්නට මේ තරම් කල් ගන්නේද නැත. 


දැන් මෙන්න එළිපිටම කතාවක්‌ "හෙළිදරව්"වී තිබේ. දැන් ඇත්තේ නිසි පරීක්‍ෂණයක්‌ කිරීමය. ලැබෙන තොරතුරුවලට අනුව අදාළ "සුදු වෑන් රථය" එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිත කළ එකක්‌ බව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාද කියා තිබිණි.

සුදු වෑන් සංස්‌කෘතිය ගැන උගුර ලේ රහවනතුරු බෙරිහන් දුන් බොහෝ දෙනෙක්‌ මේ ගැන ප්‍රකාශයක්‌ කරන්නට පවා ඉදිරිපත් නොවීම පුදුමයට කාරණයකි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ පසුගිය 20 වැනිදා රාත්‍රි වුව එය මාධ්‍යයටත් රටටත් වාර්තා වන්නේ ඊයේ දිනයේදීය. 


රටම කැළඹූ සුදු වෑන් සංස්‌කෘතියට අදාළ මෙවැනි සිදුවීමක්‌ එතරම් සරල කාරණයක්‌ ලෙස සළකන්නේ ඇයි දැයි යන්න පමණක්‌ අපි ප්‍රශ්න කර සිටිමු.

0 comments:

Post a Comment