Pages

Subscribe:

Ads 468x60px

මල්ෂාගේ මව වේදනාවෙන් තැබූ ෆේස්බුක් සටහන


මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින මල්ෂා කුමාරණතුංග පසුගිය කාලයේ අන්තර්ජාලයේ කතාබහට ලක්වූ චරිතයක් ලක්වුණා

පසුගිය කාලයේ ඇය රාත්‍රී සමාජ ශාලා වල සිටියදී ලබාගත් බව පවසන ඡායාරූප එකතුවක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ අතර තවත් වරෙක ඇය විසින් මාධ්‍ය හමුවකදී ඇඳගෙන පැමිණි ඇඳුමක් සම්බන්ධවද කතා බහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් මෙන්ම මෙවර මහ මැතිවරණයේදී ඉදිරිපත්වී ඇති කාන්තාවනට මඩ ප්‍රචාරයන් පිළිබඳව මල්ෂා කුමාරණතුංග ගේ මව වන ෂෙරින් කුමාරණතුංග ෆේස්බුක් වෙත පහත සටහන එක්කොට තිබුණි.

සියලුම ෆේස්බුක් හිත මිතුරන් වෙත.

මම මල්ෂා ගේ මව වන ෂෙරීන් වෙමි. ඔබ දැනටමත් දන්නා පරිදි මගේ දියණිය මෙන්ම හිරුණිකා, රෝසි ඇතුළු තවත් කාන්තාවන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත්ව ඇත. එසේ ඉදිරිපත් වීමත් සමගම බොහෝ

දෙනෙකුට මඩ ප්‍රහාර දියත් වන්නට විය. ඒ සඳහා වෙබ් අඩවි නිර්මාණය වන්නට විය.

දේශපාලනයේ යෙදෙන විට තම දේශපාලන පක්ෂයේ මතවාද වලට විරුද්ධව මොන තරම් ප්‍රහාර එලල කරත් එයට විරුද්ධ වීමට අපට පුළුවන් කමක් නැති බව අප හොඳින් වටහාගෙන කියන්නෙමු. අපට දේශපාලන බේදයක් ද නොමැත. නමුත් දැන් සිදුවන්නේ දේශපාලනයට පැමිණි නිසා කරනු ලබන පහත් පෙලේ අවලාදය.

මෙම මඩ ප්‍රහාර දකින විට දියනියන් ඇති අම්මලාට මෙන්ම සහෝදරියන් ඇති කාන්තාවන්ගේ සහ සහෝදරයන් ගේ පපුවේ ඇති වන වේදනාව කාටවත් කියා නිම කළ නොහැක. මම සියලුම කාන්තාවන්ගෙන් සහ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අසාධාරණ ක්‍රියාවලිය නතර කර ගැනීම සඳහා පක්ෂ බේදයකින් තොරව එක්වන ලෙසය. 


අපි ඔවුන්ට වෛර නොකරමු. ඒ අයට නොදුරු දිනයකදිම මේ සොබාඳහම විසින් නිසි දඩුවම් දෙනු ඇත. එහෙත් කාන්තාවන් සහ සහෝදරියන් වශයෙන් අසාධාරණයට විරුද්ධව එක්වෙමු.

0 comments:

Post a Comment