Pages

Subscribe:

Ads 468x60px

පිටකොටුව බස්නැවතුම් පළේ සූට් කේස් එකක කාන්තා මළ සිරුරක්


අද උදෑසන පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම් පොළ තුළ අනුරාධපුරයට බස් නවත්වන ස්ථානය අසළ සැකකටයුතු ගමන් බෑගයක් තිබී එහි සිටි අය ඒ ගැන පරීක්ෂා කිරීමේදී එහි ඇතුලේ තිබී අභිරහස් ලෙස මරාදමා තිබුණ කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මේ ගැන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වනවිට සිද්ධිය වූ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදා එතැන පශ්චාත් මරණ පරීක්ෂණය

හා ඇගිලි සලකුණු සම්බන්ධයෙන් සෝදිසිය සිදුකරමින් තිබේ.

සැක සහිත ගමන් මල්ල කාට හෝ අමතකව ගිය එකක් ලෙස මුලදී පිරිස කල්පණා කර ඇති නමුත් පසුව එය බෝම්බයක් විය හැකි බවටද සැකයක් පැන නැගී ඇත.


අනතුරුව ආරක්ෂක නිලධාරීන්ගේද සහායෙන් එය විවර කර බැලීමේදී බලා සිටියවුන් විමතියට පත් කරමින් රෙදි කැබලි සමග ඔතා තිබුණ කාන්තාවකගේ මළ සිරුර දෙකට නවා එහි ඔබා තිබෙනු දැකගන්නට ලැබී ඇත.


මළ සිරුර කාගේදැයි තවම හදුනාගෙන නැත.


සිරුර සමග තිබුණ ඇඳුම් පැළඳුම් පරීක්ෂා කළ පොලිසිය සැක කරන්නේ මෙම සිරුර කිසියම් නිවසක මෙහෙකාරියක ලෙස සේවය කළ අයෙකුගේ විය හැකි බවයි. ඇයව ඊයේ රෑ මරාදමා මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටද සැක පහළවී ඇත. පිටකොටුවේ සීසීටීවී වාර්තාද ඇසුරු කොටගෙන වැඩිදුර පරීක්ෂණ සිදුවේ.


 

0 comments:

Post a Comment