Pages

Subscribe:

Ads 468x60px

‘ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයිලු‘

මහින්දගේ වාසනාවන්ත අංකය 8 ලු. ජූලි 8 වැනිදා නැකතට මිරිහානේ ගෙදරදී නාම යෝජනා අත්සන් කළාලු. මිරිහානේ මේ පැත්ත මැදමුලන වගේලු. අයියලා මල්ලිලා, අක්කලා නංගිලා රැසක් එහි ඉන්නවාලු.

ගිය ජනපතිවරණයේදී රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන මෙවර පැත්ත පළාතක ගියේ නැතිලු. ඒත් ඒ තැනට වෙනත් අය පත් වෙලාලු. වෙනසක් වී ඇත්තේ දෛවඥයා වෙනස්වීම පමණලු. දෛවඥයන් ළඟට නොගොස් ඡන්ද කළ එකම පුද්ගලයා වූයේ

ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනපති පමණක්ලු.

ලාබාලම මන්ත්‍රී ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට ආ මහින්ද ඇමැතිකම්, විපක්ෂ නායකකම් ,අගමැතිකම් හා ජනපතිකම් කිරීමෙන් පසු ආයිත් අංශක 360ක් ආපසු කැරකී මුල සිට තංගලු යනවාලු. 


බලතල කැමැත්තෙන්ම අඩුකර ගත් සිරිසේන ජනපති යටතේ අගමැතිකම වුවත් කරන්නට අකමැති නැති බව ඔහු ළඟදී ප්‍රසිද්ධියේම කියා තිබුණාලු. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකු යැයි කියන කියමන මහින්දට ප්‍රශ්නයක් නැති පාටලු.

තම උපන් ගම වන ගිරුවායේ මැදමුලනට ආයුබෝවන් කියා පොල් ත්‍රිකෝණයේ අගනුවර වන කුරුණෑගල දිසාවෙන් ඔහු ඡන්දයට එයි.

0 comments:

Post a Comment