Pages

Subscribe:

Ads 468x60px

හිරුණිකාට එල්ල වන අපහාස ගැන ෆේස්බුක් සටහන්


බස්නාහිර පළාත්සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය 07 වනදා ප්‍රසිද්ධ නිරූපණ හා රංගන ශිල්පියෙකු වන හිරාන් යටෝවිට මහතා සමඟ විවාහ ගිවිසගත් අතර එම විවාහ ගිවිස ගැනීමේ උත්සවය කෙරෙහි සියළු දෙනාගේම අවධානය යොමු වූ බව නොරහසකි.

ඉන් බොහෝ දෙනෙක් ඇයගේ ඉදිරි දිවියට සුබ පැතුම් එක්කර තිබූ අතර ඇතැම් පිරිස් සිය දේශපාලන අරමුණු නිසාම සමාජ ජාල හරහා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කෙරෙහි අපහාසාත්මක ආරංචි පතුරුවා හරිනු දක්නට ලැබුණි.

ඒ පිලිබඳ අදහස් දක්වමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ජනප්‍රිය ගායක චිත්‍රාල් සෝමපාල මහතා එසේ අපහාසාත්මක ආරංචි පතුරුවා

හැරීම ඉතාම පිළිකුල් සහගත දෙයක් බව පවසා සිටියි. 

දේශපාලන අරමුණු වෙනුවන් එවන් මඩ ප්‍රචාර ගෙන යන මිනිසුන් සියල්ලටම ප්‍රථම තම පෞද්ගලික ජීවිත පිලිබඳ අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

එම ෆේස්බුක් සටහන පහතින්,



චිත්‍රාල් සෝමපාල මහතාගේ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වන ජනප්‍රිය ගායිකාවන් දෙදෙනෙකු වන මරියසෙල් ගුණතිලක හා කොරීන් අල්මේදා පවසන්නේ කිසිදු වග විභාගයකින් තොරව අනුන්ගේ ජීවිත පිලිබඳ අනවශ්‍ය ආකාරයෙන් සොයා බැලීම හා ඇඟිලි ගැසීමට යාම ඉතාම පිළිකුල් සහගත දෙයක් බව ය. 


ගයේෂා පෙරේරා මහත්මියගේ සැමියා වන හන්සජිත් කුරුප්පුආරච්චි මහතා ද එම සටහනට ප්‍රතිචාර දක්වා තිබුණි. ශ්‍රී ලංකාවේ බොහෝ මිනිසුන්ට කලාව හා දේශපාලනය යනු කුමක්දැයි අවබෝධයක් නැති බවය. ඔවුන් කරන්නේ කිසිදු හේතුවක් නොමැතිව අනෙකාට, විශේෂයෙන්ම කාන්තාවන්ට මඩ ගැසීම පමණක් බවත් කුරුප්පුආරච්චි මහතා පවසා තිබුණි.

0 comments:

Post a Comment