Pages

Subscribe:

Ads 468x60px

තරුණියක් ලවා මසාජ් කර ගනීද්දී තරුණයෙක්' මිය ගිය හැටි


සම්බාහන මධ්‍යස්‌ථානයට ගිය තරුණයෙකු සම්බාහන ලබා ගනිමින් සිටියදී හදිසියේ මියගිය පුවතක් කටුගස්තොටින් වාර්තා වනවා.

කටුගස්‌තොට මහනුවර මාර්ගයේ වට්‌ටාරන් තැන්න හන්දියේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්‌ථානයකදී මෙය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ  තිස්‌ තුන් හැවිරිදි තරුණ යෙකු බව පොලිසිය සඳහන් කළා. මෙම තරුණයා අදාළ ස්ථානයේ දී

තරුණියකගේ සහාය ලබා ගනිමින් කාමරය තුළට ගොස් ඇති අතර පසුව හදිසියේ අසනීප වී ඇති බව කළමනාකරුට තරුණිය විසින් දැනුම් දී තිබෙනවා.

කටුගස්‌තොට පොලිස්‌ ස්‌ථානාධිපති ජගත් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස්‌ මත විවිධ පැමිණිලි අංශයේ හේරත් අරවින්ද මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වනවා.

0 comments:

Post a Comment