Pages

Subscribe:

Ads 468x60px

පබාට මන්ත්‍රීනිට ආපසු මැතිසබේ ඉඩ නෑ? චිත්‍රපට සංස්ථාවේ සභපතිකම ලැබේ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක‍ෂා ස්වර්ණමාලි මහත්මිය මෙවර මහමැතිවරණය සඳහා තරග කරන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පැවසෙනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී ඇය සඳහන් කළේ තමන්ට ආසන සංවිධායක ධුරයක් ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.


එහි තවත් පුවත් පහතින්

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගොස් හිටපු සැමියාගේ මුදල් අවශ්‍යතාවයක් මත මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට පැත්ත මාරුකළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොලැබේ. 

ඒ වෙනුවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් හා පොලිස් ආරක්ෂාවත් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රිකයේ පවතින තරග කාරිත්වය මත මෙම තීරණය ගෙන ඇති අතර මෙය බැසිල් රාජපක්ෂගේ විසින් කළ යොජනාවක් අනුව සිදුවේ. ස්වර්ණමාලී මහත්මියගේ ජනප්‍රියත්වය මේ වන විට පිරිහී ඇති නිසාත් ජය ගත හැකි මහින්දවාදී අපේක්ෂකයකු ඒ වෙනුවෙන් ඉදිරිපත් කිරීමත් මෙහි අරමුණ වී තිබේ. 

මෙහිදි රණතුංග පවුලේ තිදෙනෙකුම සන්ධාන ලැයිස්තුවෙන් තරග කිරීම නිසා තරගකාරිත්වය තවත් දැඩිව පවතී. ඒ කෙසේ නමුත් චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය මේ සුකොමොල තරුණියට ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කීරීම කරනවාය කිව් 'යහපාලනය'ට සේම ලංකාවේ චිත්‍රපට කර්මාන්තයටද දෙයියන්ගේ පිහිටමය.

0 comments:

Post a Comment