Pages

Subscribe:

Ads 468x60px

මැතිවරණයට දින 12 ක් තිබියදී දෙහිවල සුසාන භූමියෙන් තාජුඩීන්ගේ සිරුර ගොඩගනී


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ පසුගිය කාලයේ පැතිරුණ කටකතා වලට දේශපාලනයක්ද ගැවී තිබුණා.එම කතාවලින් මේ ඝාතන පසුපස හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සිටින බවට සැක මතු කර තිබුණා.

නව රජය බලයට පත්වීමෙන් පසු ඒ ගැන විශේෂ විමර්ශනයක් අරඹා තිබුණ නමුත් ඒ ගැන බොහෝ කරුණු කාලයක් යනතුරු අනාවරණයවී තිබුනේ නැත. නමුත් දැන් දැන් ඒ ගැන පොලිසියේ හා මාධ්‍යයේ වැඩි

අවධානය යොමුව ඇත්තේ ඡන්ද උණුසුමත් සමගය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එජනිස මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස තරග වදින පසුබිමක වසීම් තාජුඩීන් ගැන සොයා බැලීම ඇතැම් විටෙක දේශපාලනික වශයෙන් අයහපත් ප්‍රතිරූපයක් ඔහුට ගෙනදිය හැකිය.


දස වද දී මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල රෝහල පාරේ පල්ලියකට යාබද සොහොනට මේ වනවිට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති අතර පොලිස් ආරංචි මාර්ගවලින් කියැවුනේ තාජුඩීන්ගේ දේහය ලබන බදාදා (5) ගොඩ ගැනීමට නියමිත බවකි.


2012 මැයි 16 වැනිදා මරා දමා තිබුණු තාජුඩීන් එම රජය කාලයේ පොලිසිය එය රිය අනතුරක් බව දන්වා යටගසා තිබුණ බවද පැවසුණා.
දක්ෂ රගර් කණ්ඩායම් නායකයෙකුවූ ඔහු හා හිටපු ජනපති පුතු අතර මතබේද පැවති බවත් ඒ කාලයේ වාර්තා වුණා.


ඝාතනය ගැන හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂගෙන්ද ඉදිරි දිනවල ප්‍රශ්න කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

0 comments:

Post a Comment