Pages

Subscribe:

Ads 468x60px

අකමැත්තෙන් වුව දැනගත යුතු ප්‍රවෘත්ති දෙකක්‌


අකමැත්තෙන් වුව දැනගත යුතු ප්‍රවෘත්ති දෙකක්‌ වෙනුවෙන් පසුගිය සතිය අවසන් වනවිට පුවත්පත්වල මුල් පිටු වෙන්ව තිබිණි. විද්යුත් මාධ්‍යවලද එය ප්‍රධාන පුවතක්‌ විය. අකමැත්තෙන් වුව දැනගත යුතු පුවතක්‌ යෑයි එම සිද්ධීන් අප හැඳින් වූයේ දැන් දැන් නිරන්තරයෙන්ම එවැනි පුවත් වැඩි වශයෙන් අසන්නට ලැබෙන නිසාය.

එක්‌ පුවතක්‌ බදුල්ල ප්‍රදේශයෙනි. සිය බිරිය සමග අනියම් සබඳතාවක්‌ පැවැත්වූවා යෑයි සැක පහළ කරමින් එක්‌ පුද්ගලයකු අතිශය අමානුෂික අන්දමින් කපා කොටා දමන තැනැත්තෙකු ගැන එක්‌ ප්‍රවෘත්තියකි.

අනෙක්‌ ප්‍රවෘත්තියේ වූයේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ගමන් මල්ලක දෙකට නවා අසුරා තිබූ කාන්තා මළ සිරුරක විස්‌තරයයි.

මහ දහවල් දෙනෝ දහසක්‌ බලා සිටියදී කපා කොටා හෝ වෙඩි තබා ඝාතනය කිරීම චිකාගෝ පන්නයේ ක්‍රියාදාමයකි. චිකාගෝවේ පමණක්‌

නොව බොහෝ බටහිර රටවල මාෆියා කල්ලි අතර ඇතිවන ගැටුම් වලදීද මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් දක්‌නට ලැබේ. ගිනි අවි සංස්‌කෘතිය පිළිගත් බොහෝ රටවල ද මෙය සාමාන්‍ය තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ ක්‍රියාවලියකි. මුල් කාලයේ ඝාතනය කිරීමක්‌ යනු දරුණුම කේස්‌ එකකි. පසු කාලීනව එය කෙල්ල දුරකථනයෙන් රාත්‍රියේදී ඇමතුමක්‌ නොදුන් හේතුවට විසි හත් පොළකට පිහියෙන් ඇනීම දක්‌වා වූ "සුළු" කාරණාවලට ලඝූවී තිබේ.

මේ රට එක බත්පත දෙකට බෙදාගෙන කන අය පවා ලේ බැම්මෙන් බැඳුණු අය පවා පැල ඉනිවැටට මහ ගෙදරට මිනී මරා ගන්නා විට හදිසි කෝපය නිසා කෙනෙකු ඝාතනය කළ විට කවිකොළ ගැසූ රටක්‌ බව අපට අමතකව තිබේ. ඒ කවි කොළය කියවමින් සංවේගයට පත්ව සංවේදීව කඳුළු පිසදැමූ යුගයක්‌ද අපට තිබිණි.

අද මිනීමැරුම්, ම්ලේaච්ඡ ක්‍රියා සිදුවන තරමට කවි කොළ ගසන්නට ගියහොත් පත්තරයකට වඩා කවි කොළ විකිණෙනු නොඅනුමානය. එදා කවි කොළය බෙදූ ඒ කවි කොළය නිර්මාණය කෙරූ අයද අද නැත. සමහර කවි කොළයක්‌ කියවා සංවේගයට පත්වන සංවේදී මිනිසුන්ද නැත. මේ ක්‍රමය නරක්‌ වීමට එයද එක්‌ හේතුවකි.

පසුගිය කාලය පුරාම මෙවැනි අපරාධ කළ අය හැසිරී ඇති ප්‍රචණ්‌ඩ ආකාරය පිළිබඳව අධිකරණයේදී සාක්‍ෂි මගින් හෙළිවිණි. මෑත කාලයේ බොහෝ ඝාතන සිදුකළ අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබිණි. 


ඒ අපරාධකරුවන් හැසිරෙන්නේ පළපුරුදු මිනීමරන්නන්ගේ විලාසය විදහාපාමිණි. පූර්ව සැලසුමක්‌ නොතිබුණද සමස්‌ත ක්‍රියාවලිය පිළිබඳව "පළපුරුද්දක්‌" අපරාධකරුවන්ගේ හිත්වල තිබෙන බවක්‌ පෙනේ.

මේ පළපුරුද්ද හිතට කාවැදෙන්නේ කෙසේද? ඒ අපේ සමාජ වටපිටාව කාලාන්තරයක්‌ තිස්‌සේ පුරුදු පුහුණු කළ දැය. දිගුකාලීන යුදමය අත්දැකීම් අපේ මනස හොඳ සිතුවිලිවලින් පෝෂණය කළේ නැත. ඒ අතරටම එක්‌වූ නිරන්තර පැහැර ගැනීම්, ඝාතනයන් සමස්‌ත ක්‍රියාවලිය සාමාන්‍යකරණීය කර තිබිණි. එවැනි වටපිටාවක මෙවැනි ප්‍රචණ්‌ඩත්වයෙන් පිරි සමාජයක්‌ බිහිවීම ගැන පුදුම විය යුතු නැත.

ජනතාව බණට දහමට නැඹුරු නොවීමේ ප්‍රතිවිපාකය එයයි යන විහිළුව තවදුරටත් අදාළ නැත. පෝයකට හෝ පිංකමක්‌ පවත්වන දිනක ලංකාව පුරා වෙහෙර විහාරවල පිරී ඉතිරී යන සෙනඟ කන්දරාව තුළ සිටින කෙනෙකු හෙට දවසේ දරුණුම මිනීමරුවකු වීමේ ප්‍රවණතාවක්‌ ඇත.


මෙය "බණ නොඇසීමේ" අඩුපාඩුවක්‌ නොවේ. රූපවාහිනියේ ප්‍රචණ්‌ඩත්වය සහිත දර්ශන වැඩියෑයි කීමද උත්තරයක්‌ නොවේ. 

එසේ නම් ඉතාම හොඳ පවුලේ කතා නරඹන පිරිස මදුරුවකු, කූඹියෙකු මරා නොදමන ඉතාම හොඳ පුද්ගලයන් විය යුතුය. සමාජ විද්‍යාඥයන්ට, සමාජය හරි මගට ගන්නට උත්සාහ දරන බොහෝ පිරිසකට කරන්නට බොහෝ වැඩ තිබේ. එහෙත් දැන් සිදුවන්නේ එවැනි බොහෝ දෙනාද කළ යුතු දේ අතහැර "දේශපාලනය කිරීම"ය.

පසුගිය කාලයේ මෙවැනි ඝාතන බොහොමයක්‌ සිදුවූ බව අමතක කළ යුතු නැත. මේ සියල්ල විශ්ලේෂණය කරතහොත් පොලිසියටද මේ වෙනුවෙන් කළ හැකි කාර්යයක්‌ තිබේ. අවශ්‍ය වන්නේ එය හඳුනා ගැනීමය.

0 comments:

Post a Comment