Pages

Subscribe:

Ads 468x60px

වසීම් තාජුදින් අපේ සමීප මිත්‍රයෙක් - නාමල්


මීට වසර කිහිපයකට ඉහතදී රග්බි ක්‍රීඩක වසීම් තාජුදින් ඝාතනය කිරීමට සිය පවුලේ සම්බන්ධයක් තිබෙන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු සිය පවුලේ සමීප මිත්‍රයකු බවයි, හිටපු මන්ත්‍රීවරයා හම්බන්තොට දී බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කියා සිටියේ.

"අපි ගෙදර ගිහිල්ල එයාගේ අම්මල, සහෝදරයොත් එක්ක එකට ජීවත්වුනා. කාල බීල හිටිය," ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා පැවසීය.

"ඒ වගේම ඔහු හොඳ මිත්‍රයෙක්. තදින්ම ආශ්‍රය කරපු කෙනෙක්. වසර පහක් හයක් එක කණ්ඩායමට ක්‍රීඩා කළ කෙනෙක්. ක්ලබ් ගැහුවා, අපි ශ්‍රී ලංකාවට එකට රගර් ක්‍රීඩා කරපු සහෝදරයෙක්." ජනාධිපති ආරක්ෂක

අංශයේ නිලධාරීන් කිහිප දෙනකුද ඝාතනයට සම්බන්ධ බව හෙළිවී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි

නාමල් රාජපක්ෂ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්.

ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිප දෙනකුද ඝාතනයට සම්බන්ධ බව හෙළිවී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මේ අතර පරකාශ කොට තිබුණි. එය සත්‍ය දැයි තහවුරු කරගැනීම පිණිස පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ඝාතනය සම්බන්ධයෙන් 'අසාධාරණයක් වී තිබෙන්නේ නම්' සාධාරණය ඉටු විය යුතු බව පවසන හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එය 'දේශපාලනීයකරණය කිරීම' ඔහුගේ පවුලට කරන අසාධාරණයක් බවද සඳහන් කළේය.

කෙසේ නමුත් විමර්ශනය අවසන් වීමට ප්‍රථම රාජපක්ෂ පවුලට ඇඟිල්ල දිගු කිරීම මගින් ඝාතනයට ලක් වූ බව පැවසෙන තාජුදීන් ගේ පවුලට සාධාරණය ඉටු නොවන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් රාජපක්ෂ පාලනය සමයේ ඔහුගේ මරණයට හේතුව හදිසි අනතුරක් ලෙසින් හැඳින්වූ පොලිසිය දැන් එය ඝාතනයක් බව පැවසීම මගින් හෙළිවන්නේ එදා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව දැයි සංදේශය කළ විමසීමේදී හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ : "ඒ කාලේ තිබුණු පොලිසියම තමයි දැන් තියෙන්නෙත්. වෙනසක් නෑනේ?," යනුවෙන්.

පොලිස්පතිවරයා ඇතුළු එදා පොලිසියේ වෙනසක් වී නැති නමුත් ඔවුන්ගේ ක්‍රියාකලාපයේ පමණක් වෙනසක් වී ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

0 comments:

Post a Comment