Pages

Subscribe:

Ads 468x60px

Paypal (පේ පැල්) ක්‍රමය ළඟදීම අනුමත වන ලකුණු


පේපැල් ගෙවීම් සඳහා අවශ්‍ය පහසුකම් නුදුරේම ශ්‍රී ලාංකිකයා වෙත ලබාදීමට කටයුතු කරන බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මුහන්තන් කැනගෙයි මහතා පවසයි. ඩොලර් බිලියන 50 ක ඩිජිටල් අපනයන වෙළඳාමක් ඉලක්ක කරගෙන සිදු කිරීමට නියමිත වැඩ පිළිවෙලක් යටතේ මේ සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

විදේශීය රටවල සිට ශී‍්‍ර ලංකාවට මුදල් එවීම සහ අන්තර්ජාල ගිණුම් සඳහා අඩු පිරිවැයක් සහිත පේපැල් ක‍්‍රමය මෙතෙක් ශ්‍රී ලංකාව අනුමත කර

නොමැත. ඒ සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවය.

ශී‍්‍ර ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් ක‍්‍රමය භාවිත කළ හැකි නමුදු ඒ සඳහා මහ බැංකුව මෙතෙක් අවසර ලබාදී නොමැත. අදාළ ගෙවීම් සිදුකිරීමට නම් පේපැල් ගිණුම් මෙරට බැංකු ගිණුම් හා ඒකාබද්ධ කළ යුතුය. අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතුවලට අදාළ ගෙවීම් සඳහාද මෙම ක‍්‍රමය යොදා ගැනේ. 


ඇමරිකාව, වියට්නාමය වැනි රටවල් ඊ-බේ වැනි වෙබ් අඩවි හරහා අන්තර්ජාතික අලෙවි කටයුතු සිදුකරන අතර පේපැල් ක‍්‍රමය හඳුන්වාදීම හරහා මෙරට ව්‍යාපාරිකයන්ටද ඒ සඳහා අවස්ථාවක් හිමිවනු ඇත.ඒ මෙතෙක් නොවීම සම්බන්ධයෙන් ව්‍යාපාරික හා විදේශ සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි ලෙස චෝදනා එල්ලවී තිබේ.

නීත්‍යානූකූල අවසරයක් නොමැතිව පේපැල් ක්‍රමය යටතේ මුදල් ගනුදෙනු මේවන විට සිදුවූවද මුදල අතුරුදන් වීම ආදිය සිදුවීම් වන බවට චෝදනා ඇත.


0 comments:

Post a Comment