Pages

Subscribe:

Ads 468x60px

වසීම් තාජුඩීන්ගේ නෑයෝ දේහය හඳුනාගනිති


හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. වළ කැපූ නගර සභා සේවකයෝ දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද අදත් පැමිණ සිටියහ.

ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද පැමිණ සිටියේය. සිරුර ගොඩගැනීම පෙරවරු 7.30ට ඇරඹී පෙරවරු 9.50 ට

පමණ අවසන් විය. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත්හ. එම ගස අඩි 12 ක් උසට වැඩී තිබුණි. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ විය.

එහි කානේෂන්, වතුසුද්ද ඇතුළු මල් ගස් වැටියක් එහි සිටවූ බව ඔවුහු කීහ. එවැනි මල් අදත් එහි තිබිණි. අඩි 3ක් 4ක් හාරද්දී සිරුර ඇති ලකුණු ලැබුණු බවත් සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැත්විණි.

එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි. පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබිණි. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වූහ.

පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබුණි. එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳිණි. එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත්තේය.

තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ උද්ඝෝෂණයක්ද කළහ.

0 comments:

Post a Comment