Pages

Subscribe:

Ads 468x60px

වසීම්ගේ අක්කා හෝ අයියා සිරුර ගොඩගැනීමට විරුද්ධ වුනේ නෑ -අධිකරණ වෛද්‍ය නිලධාරී


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මළ සිරුර ඊයේ ගොඩගත් අවස්ථාවේ එම සිරුර හඳුනාගැනීම සඳහා වසීම්ගේ වැඩිමල් සොයුරිය වන අයිෆා තාජුඩීන් හා ඇගේ සැමියාත් වැඩිමල් සොයුරු අස්ෆාන් තාජුඩීනුත් එම අවස්ථාවට එක්වුණා.

එතැනදී ගොඩගත්තේ වළදැමූ තමන්ගේ සොයුරා බව ඔවුන් පිළිගත්තා.
පසුගිය දිනවල හිටපු ජනපති පාර්ශ්වයේ උදය ගම්මංපිල, විමල් වීරවංශ ඇතුළු පිරිස් මැතිවරණ වේදිකාවල කියා සිටියේ මෙම සිරුර ගොඩ

ගැනීමට එම පවුලේ අය විරුද්ධ බවයි. 

නමුත් ඊයේ සිරුර ගොඩගන්නා අවස්ථාවට පැමිණි වසීම් තාජුඩීන් පවුලේ කිසිවෙකු එවැන්නක් පෙන්නුම් කරේ නැත. මාධ්‍ය වෙත අදහස් දක්වන්නට ඉදිරිපත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ගෙන් විමසූ පැනයක් වූයේ, මේ මළ සිරුර ගොඩගැනීමේදී පවුලේ පාර්ශ්වයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් යම් බලපෑමක් තිබුනේද? යන්නයි.එයට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.

නැහැ. එවැනි බලපෑමක් ඇති වුනේ නැහැ. බාධාවක් හෝ පවුලේ කිසිවෙකුගෙන් විරෝධයක් හෝ ඇතිවුනේ නැහැ. මෙම කාර්යය ආරම්භ කිරීමට පෙර අපි පවුලේ ඥාතීන් සමග කථා කළා.ඔවුන් කිසිම විරෝධයක් පෙන්නුවේ නැහැ.



0 comments:

Post a Comment