Pages

Subscribe:

Ads 468x60px

සේයා සෙඳව්මි ඝාතනය ගැන ඩීඑන්ඒ පරීක්ෂණයක්

ගම්පහ කොටදෙණියාවේදී අමානුෂික ආකාරයට දූෂණයට ලක්ව ඝාතනයවූ සේයා සෙඳව්මි දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ කරන පොලිස් නිලධාරීන් ඊට අදාළව ඩීඑන්ඒ සාක්ෂි පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.

ඇගේ සිරුරේ තිබී හමුවූ බාහිර පුද්ගලයාගේ කෙස් ගස් දෙක සහ ඇගේ සිරුරේ රැඳී තිබුණ ද්‍රව්‍ය
මෙම පරීක්ෂණය සඳහා උපයෝගී කරගන්නා අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධ එක් පුද්ගලයෙකු පමණක් සැක පිට ප්‍රශ්න කර ඇත. 


ඊට අමතරව දැරියගේ පියා සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණයක් ඇරඹී තිබුණි. සිද්ධිය සිදුවූ රාත්‍රී කාලයේ ඇගේ නිවස ආසන්නයේ නවතා
තිබුණ බව කියන සුදු පැහැති වෑන් රියක් ගැනද හෝඩුවාවක් ලැබී තිබුණ අතර ඒ ගැන විමර්ශනයක්ද පවත්වන බව පැවසුණා.

විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඝාතකයන් ඉක්මණින් හසුකරගත හැකිවනු ඇති බව පොලිසිය විශ්වාස කරනවා. මුළු පළාතම හ~වමින් මියගිය සේයා දැරියගේ අවසන් කටයුතු අද සවස සිදුකරන්නටද නියමිතය.

0 comments:

Post a Comment