Pages

Subscribe:

Ads 468x60px

පුතුගේ දෙවන උපන් දින සාදයට ඥාතීන්ට ඇරියුම් කරන්න යද්දී මව පුතුන් දෙදෙනා සහ ඥති පුතා මියයති


පෙරේදා සවස ඉඳුරුව ප්‍රදේශයේදී පාර මැද පිහිටි මඩ වළක් මඟහැරීමට ගිය ත්‍රිරෝද රථයක් ඉන්ටර්සිටි බස් එකක හැපී යටවීම නිසා එහි ගමන් ගත් කාන්තාවක හා ඇගේ දරු දෙදෙනාත් රියදුරුගේ දරුවෙකුත් මියගියා.

මෙම අනතුරෙන් මියගොස් සිටි අවුරුද්දයි මාස එකොළහක් වන දරුවා ගේ දෙවන උපන් දිනය ලබන මසට යෙදී ඇති අතර උපන්දිනය

නිමිත්තෙන් සාදයක් පවත්වන බැවින් එයට එන්න යයි ආරාධනා කිරීමට එම දරුවාත් 9 හැවිරිදි වැඩිමල් සොයුරුත් සමග මව මෙම ත්‍රීරෝද රථයේ ගමන් ගනිමින් සිටි අතර ත්‍රී රෝද රථය පැදවූයේ එම කාන්තාවගේ ඥාතියෙකු වන තැනැත්තෙකි. 

ඔහු තම වයස දෙකහමාරේ පුතාවත් ගමනට එක්කරගෙන තිබුණා. මගීන්ට ගමන් කිරීමට අපහසු ලෙස කාලයක් තිස්සේ මඩ වගුරක්වී තිඛෙන මෙම පාරේ වළවල් මග හරිමින් ත්‍රීරෝද රථය පදවද්දී එකවරම වේගයෙන් ආ බස් රථයට එය හැපී තිබුණා.

අනතුර සිදුවූ ස්ථානයෙදී ඡේ. පී. ශිරෝමි දමයන්ති (27), ඇයගේ බාල පුතු වන වෙනුජ දෙව්සර තිලකරත්න (අවු 01 මාස 11) හා රියැදුරුගේ පුතු කවිඳු නෙත්විද රණසිංහ (අවුරුදු 2 මාස 6) තිදෙනා මිය ගිය අතර මියගිය මවගේ වැඩිමල් පුතු වන 9 හැවිරිදි කලණ ආකාශ යන වැඩිමල් පුතු එම අවස්ථාවේ බරපතළ තුවාල සහිතව නාගොඩ රෝහලට ඇතුළත් කර පසුව කොළඹට මාරු කර යවා තිබුණත් ඊයේ මියගොස් තිබුණා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථ රියදුරුගේ ජීවිතය බේරුනේ අනූනවයෙනි.
අනතුර සම්බන්ධයෙන් බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මියගිය අය අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.


එම අනතුර සිදුවූ ස්ථානයේ තිඛෙන අනතුරු සහිත බව ගැන බලධාරීන්ට දැනුම්දුන්නත් ඇහුම් කන් නොදෙන බව කියමින් අනතුර සිදුවූ දින රාත්‍රී කාලයේ ටයර් පුළුස්සමින් පිරිසක් විරෝධතාවය දක්වා තිබුණා.


එම ස්ථානයේ වැසි ජලය එක් රැස් වී පවතින බවත් ඒවා බැසයාමට විධිවිධාන යොදානැති බවත් විරෝධය පළවීම නිසා ඊයේ අදාළ ප්‍රාදේශීය සභාව ඒ සම්බන්ධව පියවර ගෙන ඇතැයිද වාර්තා වුණා.


0 comments:

Post a Comment